දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වසරේ ගෙවී ගිය මාස දහයක කාලය තුළ දුම්රිය පීලිපැනීම් 75ක් සිදුවී ඇති බවයි.
වාර්තා වන ආකාරයට කොළඹ දුම්රිය අංගණ තුළ පීලිපැනීම් 38ක්ද දුම්රිය මාර්ගවල පීලිපැනීම් 37ක්ද වාර්තා වී තිබෙන අතර මෙම අගය පසුගිය 2021 සහ 2022 වසරවලට වඩා සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් සඳහන් කර තිබේ. දුම්රිය මාර්ගවලට යොදා ඇති පීලි මල බැඳීම්වලට ලක්වීම සහ දිරාපත්වීම පීලිපැනීම් වැඩිවීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
මේ වන විට දුම්රිය මාර්ග සඳහා යෙදීමට පීලි දස දහසක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා නවීකරණය කරන ලද කොටසින් ඉවත් කළ පීලි හත්දහසට වඩා වැඩි ප්රමාණයක් ලැබී තිබෙන බවත් එම පීලි යොදා ගනිමින් අබලන් දුම්රිය මාර්ග නවීකරණය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් ආරම්භ කර නොමැති බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දී තිබේ.
මේ අතර මෙම වසරේ ගෙවුණු කාලය තුළ දුම්රිය හරස් මාර්ගවලට යොදා ඇති ආරක්ෂිත ගේට්ටු 346කට අලාභහානි සිදුවී ඇති බවත් ඊට දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කරන රියැදුරන්ගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවක් වී ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.