දුම්රිය මාර්ග යථා තත්වයට

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට අද (22) අලුයම පස් හා ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැතිණි.

වාර්තා වන ආකාරයට උඩරට දුම්රිය මාර්ගයේ පැවැති දුම්රිය අවහිරතා මේ වනවිට අවසන්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.

මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බවත්, මාර්ග අවහිරතා හේතුවෙන් නවතා තබා තිබු දුම්රියන්ද මේ වනවිට අදාල දුම්රිය ස්ථාන දක්වා ධාවනය වෙමින් පවතින බවද දුම්රිය පාලක මැදිරිය පවසා තිබේ.

Exit mobile version