ලොකොමොටිව් දුම්රිය රියදුරන් අද (9) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරු රාජකාරීන් වලින් මිදී වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න රැසක් වෙත නිසි ප්‍රතිඵල නොලැබීම හා අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම සඳහාත් මෙම වර්ජනය ආරම්භ කිරීමට වෘත්තීය සමති තීරණය කර ඇති බව එම සංගමය පවසයි.
මේ සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව ද වාර්තාවේ.