දුම්රිය වර්ජනය අතහැර දමයි.

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් අතහැර දැමූ බවට ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය අද (5) පස්වරුවේ පැවසූ බව වාර්තා වේ.

එම වර්ජනයට මුලික ගැටලුව බවට පත්ව තිබූ උසස්වීම් සම්බන්ධ ගැටලුවට අමාත්‍ය මණ්ඩලය විසදුමක් දීම නිසා වර්ජනය අතහැරි බව ද එම සංගමය පවසා තිබේ.

Exit mobile version