දුම්රිය වැඩ වර්නයකට සුදානමක්. පා පහරකින් දුම්රිය ආරක්ෂකයෙකු මිය යයි.


ඊයේ රාත්‍රී (22) 10.00ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ සතිඅන්ත රාත්‍රී නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් කළ මගීන් දෙදෙනෙක් දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන් විසින් දුම්රියේ ගමන් කළ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට බාර දීමෙන් පසු ඔවුන්ගෙන් ඒ ගැන විමසීමේදී බීමත්ව සිටි ඔවුන් දෙදෙනා විසින් දුම්රිය ආරක්ෂක නිලධාරියකුට දුම්රියෙන් එළියට විසිවන සේ පා පහර දී ඇති අතර වේගයෙන් ධාවනය වූ දුම්රියෙන් එළියට වැටුණු ආරක්ෂක නිලධාරියා මියගොස් ඇත.

වේයන්ගොඩ හා මීරිගම අතරදී මේ සිදුවීම වී ඇති අතර අදාළ පුද්ගලයන් දෙදෙනා මීරිගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. කෙසේ වුවත් මේ සිදුවීම හා මීට පෙර වූ සිදුවීම් මත දුම්රිය රියැදුරු , නියාමක ස්ථානාධිපතිවරුන් ඉදිරියේදී ආරක්ෂාව සම්බන්ධව දැඩිව ඉල්ලීමකට යොමු වීමට බලාපොරොත්තුව වන අතර ආරක්ෂාව නොලැබුණහොත් දුම්රිය සේවාව අඩපණ වීමට ඉඩ තිබේ.

එසේම දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතිකව සිදුකරන ලද අත් අඩංගුවටගැනීම්ද මීට පෙර වාර්තා වී තිබේ.

Exit mobile version