දුම්රිය වෘත්තීය සමිති තීරණය අද

අද (27) පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ (26) දිනයේ අත්හිටුවන ලද දිපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ මෙම සාකච්ඡාවේ දී තම ගැටලු සඳහා නිසි විසදුම් නොලැබුණහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන් ම ඇතැම් දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළේ දේශපාලන ගනුදෙනු මත මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර ඇති බවටයි.

Exit mobile version