අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10ක් සේවක හිඟය හේතුවෙන් අවලංගු කර තිබේ.
කැලණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම සහ ප්‍රධාන මාර්ගවල මෙලෙස දුම්රිය අවලංගු වී ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.
ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (01) ප්‍රකාශ කළේ සේවක හිඟය හේතුවෙන් අද (02) දිනයේ දුම්රිය ගමන් වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවයි.
එමෙන්ම ඊයේ (01) දිනයේ ගමන් වාර 30ක් අවලංගු කිරීමට ද සිදුව ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ 500කට අධික සේවක පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමග ඇති වූ පුරප්පාඩු හේතුවෙනි.