මත්පැන් නිෂ්පාදන සමාගම් සදහන් කොට ඇත්තේ අරක්කු මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි.
එම සමාගම් සදහන් කොට ඇත්තේ නිෂ්පාදන වියදම් ඉහළ යාම හා මත්පැන් අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීම සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇති බවයි. ඒ අනුව සියයට 20 කින් පමණ බදු මුදල් ඉහළ දැමීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි එම සමාගමේ නිලධාරියෙක් සදහන් කර තිබේ.