ශ්‍රී ලංකාව වැනි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක දුරකථන ඇමතුම්වලට හොරෙන සවන් දෙන උපකරණ ලංකාවට රැගෙනවිත් තිබීම ශෝචනීය වේ. නමුත් ඔවුන් ඒවා භාවිතා කල යුත්තේ රට තුල සිදුවන අපරාධ සහ මත්ද්‍රවය වැලැක්වීම සඳහා වුවත් දේශපාලඥයන්ගේ ජංගම දුරකථන වලට ඇහුන් කන් දීමෙන් කියවෙන්නේ ඒවා ගෙනවිත් ඇත්තේ දේශපාලන පෙරලියන් සිදුකිරීමට විනා රට වෙනුවෙන් නොවන බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ දුරකථන සංවාද හොරෙන් ඇසූ බව පැවසෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙන බව වාර්තා වේ. මෙහිදී සිදුව තිබෙන්නේ මුදල් අවභාවිතාවක් පිලිබඳව කෙරෙන පරීක්ෂණයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ දුරකථන දත්ත හා සංවාද වලට නෛතික බලයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සවන්දීමයි. ඊට අදාලව ඊයේ (04) පාර්ලිමේන්තුවේදී එම තීරණය ගෙන තිබේ.
ඉන් කියවෙන්නේ මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථන මෙන්ම අනෙකුත් අනෙකුත් පුද්ගලයන්ගේද සියලුම තොරතුරු නීතිවිරෝදී ලෙස ඔවුන් ලබා ගන්නා බවයි. ඉන් පැහැදිලිවන්නේ දේශපාලන බලුපොරයට ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ආධාර උපකාර ලැබෙන බවත්, රටේ අපරාධ රැල්ල මැඩලීමට ඔවුන්ට අවශ්‍ය නැති බවත්ය.