දුරදිග ගිය ආරවුලෙන් කාන්තාවක් වළ පල්ලට යයි.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වඳුරඹ ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කර තිබේ.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව සිය ගෙවත්තේ වළ දමා ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරු 41ක් වන කාන්තාවක් වන අතර ඝාතනය සිදුකර ඇත්තේ වයස අවුරුදු 35ක වතුකම්කරුවෙකු ලෙස සේවය කළ අයෙකි. මොවුන් දෙදෙනා කලක පටන් එකට ජීවත්ව ඇති බව සඳහන් වේ.

ඝාතනය සිදු කළ පුද්ගලයාව වඳුරඹ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ මෙවැනි ඝාතන කිහිපයක්ම සිදුවී තිබූ අතර පවුල් ආරවුල් දුරදිග යාම ඒවාට හේතු වී තිබේ.තවද පවුල් ජීවිතයේදී අන්‍යෝන්‍ය සබඳතා  නිවැරදිව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව සිතා බැලීම ඉදිරියේදී මෙවැනි සිද්ධීන් අවම වීමට බලපානු ඇත.

Exit mobile version