දුරාචාරි භාණ්ඩවල සහ සේවාවල ගාස්තු වැඩි කරයි. තල් ගහට සහනයක්. ආයතන බදු ගෙවලා නෑ. දේශබන්දුගේ යුක්තිය වගේ. තෝරු, මෝරුන්ට හොඳයි.

තහනම් නොහොත් මිනිසාගේ සමස්ත ජීවිතයම විනාශය කරා ගෙන යන විනාශකාරී මත්ද්‍රවයවලට ඇබ්බැහි වීමේ මුලිකම පියවර ආරම්භ වන්නේ සිගරට්, බීඩි වැනි දෙයිනි. ඉන් අනතුරුව අරක්කු වැනි ද්‍රව්‍ය වලට යොමුවෙන අතර පසුව තහනම්, විනාශකාරී මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙති. මේ වන විට ශ්‍රී ලංකාව මේ සියලුම අංගවලින් සමන්විතව සිටි. කෙසේ නමුත් මේවා පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු රජයක් අවධානය යොමුකර නැති බැවින් ලංකාවේ මිනිස්සු කන්න නැති උනත්, අරක්කු, මත්ද්‍රවය වලට ලොල්ව සිටී.

එවන් පසුබිමක් තුල, සමාජ විෂමාචාර විශාල වශයෙන් සිදුවන කැසිනෝ ශලාඅ වෙනුවෙන් නිකුත් කරන බලපත්‍ර ගාස්තුත් ඉහල දමා තිබේ. ඒ අනුව රුපියල් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10 ක් ගෙවිය යුතු අතර අළුත් කිරීම වෙනුවෙන්ද බිලියන 10 ක් ගෙවීමට සිදුවන අතර ඩොලර් මිලියන 500 ක් වෙනුවෙන් ආයෝජන බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5 කි.

එසේම වාර්ෂික සුරා බදු ගාස්තුත් 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දමා තිබෙන අතාර් තල තල අරක්කු හැර අනෙකුත් ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250 ක් දක්වා ඉහළ දමා තිබෙන අතාර් තල අරක්කු බලපත්‍රය ලක්ෂ 50 දක්වා ඉහල දමා තිබේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය ලක්ෂ 10 සිට කොටිය දකවා ඉහළ දමා තිබෙන අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රය ලක්ෂ 5 – 25 දක්වා ඉහල තිබේ.

ඒ කෙසේ වෙතත් මෙම නිෂ්පාදන ආයතන බිලියන් ගණනින් බදු ගෙවා නැති බවද අනාවරණය විය.

Exit mobile version