දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරු කරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී.

දුෂිත බවට චෝදනා ලත් විදුහල්පතිවරයෙක් නම් අවුරුදූ 15ක් එකම ස්ථානයක සේවය කරමින් දිගින් දිගටම විවිධ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත ඔහුට විරුද්දව පරීක්ෂණ පවත්වන ලෙසත්, එතෙක් ස්ථාන මාරුකර හරින ලෙසත් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දී මාසයකට පමණ පසුව එය අධ්‍යාපන බලධාරීන් ක්‍රියාත්මක කර තිබේ. එම නීත්‍යානුකූල නියෝගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එම විද්‍යාලයේම තවත් ගුරුවරයෙකු සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ දෙමාපියන් මතක් කරමින් කාර්ය  මණ්ඩල රැස්වීමේදී බැනවදින පටිගත කිරීමක් අප වෙත ලැබී තිබේ. මෙම සිද්ධියට බලපෑ සම්පුර්ණ විස්තරය පහතින් දැක්වෙන අතර, මීට පෙර අප පළකර තිබෙන සියලුම පුවත් මෙම පුවතේ පහළින්ම අමුණා තිබේ.

දුෂණ චෝදනා ලත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විද්‍යාලයෙන් මාරුකර හැර ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා නියෝගකර මාසයකට පමණ  පසුව පරීක්ෂණයක් නොමැතිව රාජකාරී අවශ්‍යතා මත මාරුකර හැරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඔහුව කොළඹගෙආර මහා විද්‍යාලයට මාරුකර හැරීමටත්  කොළඹගෙආර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇඹිලිපිටිය මහා විද්‍යාලය වෙත මාරු කර හැරීමටත් තීරණය කිරීමත් සමගම කොළඹගෙආර මහා විද්‍යාලයේ දෙමාපියන් කලබල වී ඊයේ (19) ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා හමු වී සත්‍ය පැහැදිලිකර දී තිබේ . ඒ අනුව කොළඹගෙආර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කරවා ගැනීමට කටයුතු කරගෙන එම විද්‍යාලයේ දෙමාපියන් කටයුතුකරගෙන තිබෙන්නේ ඔහු එම විද්‍යාලය තුල කටයුතු ඉතාම හොදින් සිදුකරන බැවිනි. නමුත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අවශ්‍ය බවට ස්වේච්චාවෙන් කිසිදු දෙමාපියෙක් ඉදිරිපත්ව නැත. දැනට ඉදිරිපත්ව සිටින කිහිපදෙනාද ඔහු සමග වංචා, දුෂණ සිදුකරනා ඇය බවත්, අනෙකුත් දෙමාපියන් ලවා බොහෝ කටයුතු සිදුකරනුයේ බලහත්කාරයෙන් බවත් අප මුල සිටම පෙන්වා දි තිබේ.

එවන් පසුබිමක් තුළ අද (21) ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුමණ්ඩලය කැඳවා ගුරුවරුන්ටද බලපෑම් කර තිබේ. ඒ අතර   හදිසියේම හෙට (22) දෙමාපිය රැස්වීමක් කැඳවා දෙමාපියන්ටද බලපෑම් කර විදුහල්පතිවරයා අවශ්‍ය බවට ගුරුවරුන් විසින් යෝජනා කර දෙමාපියන්ගෙන් අත්සන් ගැනීමටද කටයුතු සුදානම් කිරීමට අප සතුව පවතින පටිගත කිරීම තුළ සාකච්චා කෙරේ. මෙම වැඩසසටහන මෙහෙයවීම විදුහල්පතිගේ සම්පුර්ණ අනුදැනුම මත සිදුකරන බව අප මීට පෙරම අනාවරණය කර තිබේ. මෙම ප්‍රශ්නය පිළිබඳව අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඇඹිලිපිටිය මුලස්ථාන පොලීසිය වෙතද පැමිණිලිකර තිබේ. ඒ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ ආදී සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එසේම මෙම සිදුවීම් දරුවන්ගේ අධ්‍යාපනයට මේ වන විටත් බලපෑම් ඇතිකර තිබේ.

අද (21) ගුරුවරුන් වෙත බලපෑම් කර තිබෙන්නේ දහවල් 01.00 ට පමණ හදිසි කාර්ය මණ්ඩල රැස්වීමක් කැඳවා වන අතර මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම මෙහෙයවා තිබෙන්නේ බණ්ඩාර කහවිට නමැති ගුරුවරයෙකි (මෙම පේලිය පහතින් නිවැරදි කර තිබේ ).  ඔහු සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදින බව පටිගත කිරීම තුල පැහැදිලිව ම සඳහන් වේ. අද පැවති සම්පුර්ණ වැඩසටහන පටිගත කර තිබුනේද මෙම ගුරුවරයාගේ යෝජනාවලට එකඟ බවට අත් උස්සන ලද ගුරුවරයෙකු වීම තවත් විශේෂිතය.

එසේම හෙට පවතින දෙමාපිය රැස්වීම ආදී සිසුන්ට තහනම් කර තිබේ. නමුත් විදුහල්පතිට පක්ෂග්‍රාහී ආදී සිසුන් කිහිප දෙනෙකු පමණක් කැඳවා අදාළ මහසභාවට බලපෑම් කරවා ගැනීමටද සැලසුම් කර තිබේ. හෙට මෙම විද්‍යාලය තුළ මහා ගාල ගෝට්ටියක්, රණ්ඩුවක් වීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය වී අවසන්ය. එය නිර්මාණය කරන්නේ අප ඉහතින් සඳහන් කළ පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විදුහල්පති මෙන්ම අප මීට පෙර පැමිණිල්ලේ නම් සඳහන් කර තිබෙන පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සීමිත කණ්ඩායමකි.

ඒ අනුව එම කටයුතු සිදුකිරිමේදීද පළාත් අධ්‍යාපන බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරමින් කටයුතු කරන්නේ අදාළ විදුහල්පතිවරයා බේරාගැනීමට අවශ්‍ය ලෙස බවත් , ඔවුන් අතර තිබෙන දුෂිත මාෆියාවේ ප්‍රබලත්වයද අප මීට පෙරදීම පෙන්වා දෙන ලදී. ඒ අනුව පළාත් අධ්‍යාපන ලේකම්ව්රයාටද අප චෝදනා ඉදිරිපත්කර තිබෙන්නේ මෙම විදුහල්පතිවරයා සමඟ දුෂිතව කටයුතු කළ බවයි. ඒවා සිදුවන්නේ ඔහු වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයාව සිටියදී බවද පෙන්වා දී තිබේ. ඔහුට විරුද්ධව චෝදනා රාශියක් අප සතුව තිබුනත් අප ඒවායින් පෙන්වා තිබෙනෙන් මෙම විදුහල හා සම්බන්ධ එක් ගනුදෙනුවක් පමණි.

මෙම විදුහල්පතිවරයාට එරෙහිව දැඩි විරෝධයක් දෙමාපියන්ගෙන් තිබේ. නමුත් එහි සිටින විදුහල්පතිගේ මැරයින් නිසා දෙමාපියන් එයට එරෙහිව නැගී නොසිටී. මෙම පාසල තුළද දිගින් දිගටම මෙම කණ්ඩායම සිටින බැවින් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට ඔවුන්ට සිදුව තිබේ. ඉන් දෙදෙනෙකුගේ නම් අප මීට පෙර සඳහන් කර තිබේ. විදුහල්පතිවරයා අවශ්‍ය නැති බැවින් මීට පෙර කිසිදු දෙමාපියෙකු කිසිම අධ්‍යාපන බලධාරියෙකුගෙන් නීත්‍යනුකූලව ඉල්ලීමක් කිරීමට  ඉදිරිපත්ව නැත. එවන් පසුබිමක් තුළ මෙසේ බලහත්කාරයෙන් සියල්ල කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් මෙරටට නීතියක් අවශ්‍ය නැත. එසේම ස්ථානමාරු යා යුතු විදුහල්පතිවරයෙක් දිගින් දිගටම මේ ස්ථානයේ තබාගනිමින් මහජන සාමයට බාධාවක් වන ලෙස කටයුතු කිරීමට ඉඩ හැරීම පළාත් බලධාරීන්ගේ වරදකි. අප පොලීසිය තුළ යොදා තිබෙන පැමිණිල්ලේ ද මේ බව සඳහන් කර තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු නවීන් දිසානායක මහතාගේ දෙමාපියන් මතක කිරීමට තරම් එක දුෂිත ගුරුවරයෙක් කටයුතු කිරීමෙන්ම පෙනී යන්නේ සබරගමුවේ අධ්‍යාපනයේ කනගාටුදායක තත්වය වේ. ඒ අනුව මෙම රැස්වීම පවත්වා තිබෙන්නේ නීතිවිරෝධී ආකාරයටය. ඒ අනුව මෙම ගුරුවරයාට සහ විදුහල්පතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහය පෙන්වා දී තිබේ. එසේම හෙට දෙමාපිය රැස්වීම්ද නීතිවිරෝධී රැස්වීමකි. එය නීතිවිරෝධී කටයුත්තක් වෙනුවෙන් කැඳවන බව පටිගත කිරීම තුළ පැහැදිලිවම සඳහන් වේ.

එසේම මීට පෙර පැමිණිල්ලට පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ විදුහල්පති ගෙන්වා විභාග කලේ නම් මෙවන් ප්‍රශ්න මෙතරම් දුරට නොගොස් විසඳීමට හැකියාව තිබුණි. එසේම මුල අවස්ථාවේ පළාත් සභාව වෙත ලබා දුන් පැමිණිලිවලට අනුව නීතිය ක්‍රියාත්මක කලේ නම් මෙවන් දුෂ්ඨ ක්‍රියාවලියක් සිදු නොවේ. මේවා මෙසේ සිදුවීමට ඉඩ තබන්නේ නම් ශ්‍රී ලංකාවට පවතින නීතින්වත් වැඩක් නැති බව අප නැවත වරක් කණගාටුවෙන් සඳහන් කරන්නේ, මුල්ම අවස්ථාවේ ක්‍රියාත්මක වී විදුහල්පතිවරයාට ස්ථානමාරුව ලබා දි පරීක්ෂණ ආරම්භ කලේ නම් මේ කවුරු කවුරුත් සතුටින් සිටින බව පැහැදිලි බැවිනි.

මෙම විදුහල්පතිවරයා පිළිබඳව අප මීට පෙර පලකළ පුවත් පහත සටහන් කර තිබේ. මේවාට විරුද්ධව තවමත් නිසි විමර්ශනයක් ආරම්භ කර නැත.

(නිවැරදි කිරීමයි.. ආන්ඩුකාරවරයාට බැන වදින ගුරුවරයා චාමින්ද පුශ්පකුමාර ලෙස නිවැරදි විය යුතු බව ගුරුවරු කිහිප දෙනෙක් අප වෙත කතා කර දැනුම් දෙන ලදී.අප සතුව තිබෙන හඬපටය ඕනෑම පරීක්ෂණයක් සඳහා ලබා දිය හැකිය. ඒ සඳහා අංක 25, බුද්ධාලෝක මාවත, පිලියන්දල ලිපිනයට ලිපියක් යොමුකරන්න . එසේ නොමැති නම් අපගේ අංකවලට කතා කර ravanalankanews3@gmail.com විද්‍යුත් තැපැල වෙත ලිපියක් යොමුකරන්න)

Exit mobile version