දුෂ්කර පළාත්වල පිරිවෙන් සඳහා ආධාර.

මෙරට දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව එම ආධාර බෙදාදීම සිදු වූ බවයි.

මෙහි දී සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලින්ගේ ආධාර උපකාර මත මෙරටට දුෂ්කර පළාත්වල පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගෙ සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ සංකේතාත්මකව ජනාධිපති ලේකම්වරයා වෙත භාරදීම සිදුව ඇත.

ඒ අනුව තෝරාගත් පිරිවෙන් සඳහා  ඉදිරි දින කිහිපය තුළ දී මෙම අධ්‍යාපන උපපකරණ බෙදාදීම සිදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version