දුසිල්වත් භික්ෂූන්ට වැඩ වරදින ලකුණු

බුද්ධ චීවරයට මුවා වී ඇතැම් දුසිල්වත් ක්‍ර්‍රියා සිදු කරන භික්ෂූන් වහන්සේලාට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව භික්ෂූන් වහන්සේලාට යම් චෝදනාවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමේදී අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පොලීසිය හරහා අදාළ භික්ෂු නිකායේ නායකහිමිවරුන් දැනුවත් කිරීම සඳහා පවතින සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමටද යෝජනා වී තිබේ.

බුද්ධශාසන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති ආකාරයට ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරිමට නායක හිමිවරුන්ගේ මග පෙන්විමෙන් වෙනම ව්‍යූහයක් ස්ථාපිත කිරීම සඳහා බලතල සහිත නව පනතක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.

එසේම කුල දරුවන් අඩු වයසින් පැවිදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

Exit mobile version