සොරමුලක් නිසා ලිබියාවටත් වඩා අන්ත වු රටක්.

බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස බව මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් මගින් කියා සිටී.

ඔවුන්ගේ ප්‍රකාශය පහත පරිදි වේ.

අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක් අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ වූ රටක් බවත්,

එදා ලිබියාවේ රැකියා විරහිත අයට වෙනම වැටුපක්,

ළමයෙක් ඉපදුනාම වෙනම වැටුපක්,

උසස් අධ්‍යාපනයට පිටරට යන්න වරම් සියල්ල රජයෙන්,

විවාහ වුණාම වෙනම දීමනාවක්,

අප්‍රිකානු මහද්වීපයේ පොහොසත්ම රට ඇමෙරිකානු කුමන්ත්‍රණයට අහුවුණා අවසානයේ සියල්ල නැති කරගත් රටක් බවට පත්වුණා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවය සහ බුද්ධි මට්ටම්වලින් ඉහළම රටක් යුදෙව්වන්ට පසු බුද්ධිය අතින් ඉහළම රටක්

ලෝකෙ පොහොසත්ම සංස්කෘතිය තියන රට

ඒ විතරක් නෙමෙයි මහා වැව් 3600 කට ආසන්න ප්‍රමාණයක් සහිත රටක්

ලෝකයේ නැව් ගමනාගමනයෙන් අඩකට වැඩිය ඒ ආසන්නයෙන් ගමන් කරන රටක්

කෙටියෙන්ම කියවාහොත් ලෝකය පාලනය කළ හැකි රටක්

නිදහස ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබූ රටක්

ලිබියාව තෙල් නිසා දියුණු වෙලා කුමන්ත්‍රණවලට හසුවෙලා වැනසුණු රටක්

ශ්‍රී ලංකාව නිදහසින් පසු පවුල් දේශපාලන සහ සුදු කරපටි සොරමුලකට හසුව අපායේ දොරකඩ ආසන්නයේ තිබෙන රටක්

ඒ වගේම ලෝකයේ පිහිටීම නිසා ඇමෙරිකානු ඉන්දියානු කුමන්ත්‍රණ වලට හසුව නව යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන රටක්

අපි ලිබියාවට යමු

වර්තමාන ලිබියාව විවිධ කල්ලි කණ්ඩායම්වල පාලනයට හසුවූ රටක්

එදා තිබූ සශ්‍රීක භාවය නැති වෙච්ච රටක් ඇමරිකානු සමාගම් වල උවමනාව ඉටු කරන රටක් බවට පත්වෙලා

එහෙම දුප්පත් වෙච්ච රටක් උනත් වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ තිහක් විතර වැටුපක් ලබා දෙන රටක් බවට පත්වෙලා

ඒත් අපේ රටේ

පැය විසි හතරම වැඩ කරන සීමා වාසික වෛද්‍යවරයාට ගෙවන්නේ රුපියල් පනස් හතර දහසයි

ඊට වඩා අඩු උපාධියක් තියෙන වරායේ කළමනාකරන පුහුණු තනතුරට බඳවා ගන්නවා පැය අටට රුපියල් ලක්ෂයක්

අවුරුදු විසිපහක් සේවා කාලයක් තිබෙන වෛද්‍යවරයෙක්ගේ මූලික පිටුප 125000යි

හෙට අනිද්ද විශ්‍රාම යන්න ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප දෙලක්ෂ විසි දහසයි

ඒ වැටුපෙන් තමයි ඔවුන් වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා පැට්‍රල් ගහගෙන ලෙඩ්ඩුත් බලලා ඔවුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන

දැන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැති හින්දා පිටරට යන්න පටන් අරගෙන

කකුළුව වතුර හැලිය නටනවා වගේ අපේ රටේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ

රාජකාරී වේලාවෙන් පසුවත් සියලු රෝගීන්ට සත්කාර කරලා තමයි ගෙදර යන්නේ ගොඩක් අය

හදිසියේ වත් තමන් කරන රාජකාරිය විතරක් කරල නිහඬ වුනොත් මොකද වෙන්නේ

පැය හතරයි ඕටී ගෙවන්නේ පැය හත අටක ශල්‍ය කර්මයක් නවත්තලා පැය හතරෙන් ගියොත් මොකද වෙන්නේ ලෙඩාට මැරෙන්න තමයි වෙන්නේ

මේ එතෙන්ට තමයි යන්න හදන්නේ කියන්නේ

මේ රටේ වෛද්‍යවරුන් ටික දක්ෂයෝ ටික පිටරට ගියොත් අනිවාර්යෙන් රටේ මිනිස්සුන්ට ඕක වෙනවා තමයි

මහ එවුන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් යාවි

ඒ වගේම මේ දොස්තර ඉල්ලුම මේ කලාපයේ ඉන්දියානුවන්ට නැහැ

ඒකට හේතුව ප්‍රමිතිය

මේ ප්‍රමිතිය නැතිකරලා ඉන්දියානු තත්ත්වයට ගේන්න තමයි වත්මන් පාලකයන්ගේ වුවමනාව

ලිබියාව එච්චර ව්‍යසනයකට මුහුණ දීලාත් දැන් ඔවුන් ඔලුව උස්සගෙන එනවා

ඒකට ශ්‍රී ලංකාවේ අපි භාගෙට භාගයක් කන්න නෑ ,දරිද්‍රතාවයෙන් පෙලෙනවා

ජීවන වියදම වැඩියි රට ඇතුලේ නිෂ්පාදනය වියදම් වැඩි ඒකට හේතුව තෙල් පොහොර ගෑස් මිල වැඩිකම

තාමත් දේශපාලන මහ එවුන් පරම්පරා ගානකට තෙල් ටිකෙන් ගල් අඟුරු ටිකෙන් පොහොර ටිකෙන් හොරා කමින් ඉන්නවා

දක්ෂයෝ ටික රට යමින් ඉන්නවා ( ඔවුන්ට තමන්ගේ ජීවන පැවැත්ම සඳහා ආත්මාර්ථකාමී වෙන්න වෙලා )

බොහොම අතලොස්සක් රටට ආදරේ කරන නිසා සහ දෙමාපිය ඥාති සම්බන්ධතාවය නිසා තාමත් ලංකාවේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා

දැනටමත් දුෂ්කර පළාත් වල රෝහල් කිහිපයක් වැහිලා ගිහිල්ලා

ඇතැම් සායනවලට වෛද්‍යවරු නැහැ

විදුල බල මණ්ඩලයේ කෙනාට සුවිශේෂී එක වැටුපක්

ඛනිජ තෙල් සංස්ථාවේ කෙනාට වෙනම වැටුපක්

වරාය කෙනාට වෙනම වැටුපක්

වැඩ නැතත් ඔවුන්ට වෙනම අතිකාලදීමනා සීමාවකින් තොරව

හැබැයි ජීවිතය බේරගන්න ඉන්න කෙනාට දවසට පැය හතරක් විතරයි අතිකාල දීමනා ගෙවන්නේ , පැය දහයක් operation theater එකේ හිටියට වැඩක් නෑ

වැටුපත් ඔවුන්ට වඩා අඩුයි එක රටක වැටුප්තල ගොඩයි

ඉතින් රට නොයා ඉඳීවිද

නුදුරු කාලයකදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටුණහම සියල්ලන්ටම තේරේවි

අපේ රටේ දක්ෂයෝ ටික අපිට නොදැනුවත්ව අපේ රටෙන් හොරකම් කරනවා කිව්වොත් නිවැරදියි

පාලකයෝ ඒක එහෙම වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා

තමන්ගේ ගජ මිතුරන්ට අවුරුදු පහළොවක බදු සහන දෙනවා

දොස්තරට යන්න ප්‍රවාහන පහසුකම් නැති උනාට මේ රටේ විශ්වවිද්‍යාලයකට පවා නොගිය ඇතැම් අයගේ ගෙවල්වල බල්ලෝ බිරිඳට වෙන වෙනම වාහන

දැන් ලෝකයම ලංකාවේ දොස්තරලා ගැන දැනගෙන විනාශ මුඛයට ගිය ලිබියාව දැන් ගොඩ එමින් සිටිනවා ලිබියාවත් අපේ රටේ දොස්තරලා ඉල්ලනවා

මෙයින් බහුතරයක් රට ගියාම අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙන්නේ

ඒක තේරුම් ගන්න බැරි දූෂිත සොර මුලකින් පිළිතුරු ලබාගන්න පුළුවන්ද

රටේ සෞඛ්‍ය කඩාගෙන වැටුණු දාට බාල බෙහෙත් මදිවට ප්‍රමිතියෙන් තොර බාල දොස්තරලත් එදාට ඒවි

එතකොට නැව ගිහිල්ලා තියේවි

දැන් එදා ලුණු ලාබයිද පොල් බෑය කීයද කියලා අහන්න මිනිස්සු හිටියා

අද රටලුණු 600 වෙලා අහන්න එකෙක් නෑ

ඔය වගේ තමයි රෝහලකට ගියාම දොස්තර නැතිවුණාම ජීවිතයේ තියලා එන්න වෙයි

එදාටත් අහන්න එකෙක් නැතිවේවි

මහජන යුතුකමක් වෙනුවෙන්

මහජන යුතුකම් කේන්ද්‍රය

✈️✈️✈️✈️🙏🙏🙏✈️☝️

Exit mobile version