දූෂිත ජුඩෝ සංගමයේ සාමාජිකයන්ට රට පනින්න ශ්‍රී ලංකාවේ බලධාරීන් උදව් කලේ මෙහමයි. පොදු රද මඩුලු ක්‍රීඩා උළෙල.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

අප පසුගිය වර්ෂයේ ජුඩෝ සංගම් නිලවරණය දූෂිත බවට වන පුවතක් පලකල අතර එසේ චෝදනා ලද ජුඩෝ සංගමයේ සාමාජිකයන්ද පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලට ගොස් අතුරුදහන්ව තිබේ.

මෙම අතුරුදහන් වීමට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඇතුළු ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්ද වග කිව යුතුය. ජුඩෝ සංගම් නිලවරණය පසු ගිය මැයි 23 වැනිදා හෝ ආසන්න දිනයක පැවැත්වීමට තිබුනත් ඔවුන් එම නිලවරණය කල් දමා තිබේ. ඔවුන් එසේ කල් දමමින් ජුඩෝ සංගමයේ සාමජිකය්නටද රටින් පැනයාමට ඉඩ දීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ලවන අතර එම දූෂිත සභාපතිගේ ක්‍රියාවලිය අප පසුගිය වර්ෂයේ පහත පරිදි පළකර තිබේ. ඔවුන් නිසි පරිදි විමර්ශන කර තිබුනේ නම් ඔහුගේ නිලයෙන් ඉවත් කිරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබිය යුතුය.

පහත පුවතට අනුව මීට අවුරුද්දකට පෙර කටයුතු කලේ නම් මෙවැනි දෙයක් සිදු නොවනු ඇත. ක්‍රීඩා බලධාරීන්ට අපගේ බලවත් අප්‍රසාදය පළකරන්නේ ඔවුන් ටද ශ්‍රී ලංකාව යන දූපත සංචාරක ස්ථානයක් සේ සිතාගෙන සිටින නිසාය.  

පසුගිය වර්ෂයේ අප පලකල පුවත

ශ්‍රී ලංකා ජුඩෝ සංගමයේ වාර්ෂික නිලවරණය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කට් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. එහිදී සභාපති, උප සභාපතිව ,  ජෙනරල් ලේකම් ,උප ලේඛම්, භාණ්ඩාගාරික, ප්‍රධාන සංවිධායක ඇතුළු වෙනත් කමිටු සාමාජිකයන් තෝරාගැනීම සිදු විය.

නමුත් මෙම නිලවරණයේ දී කමිටු සාමාජික  ලෙස ඉදිරිපත් වූ ඩබ්. ටී.ආර්. ප්‍රනාන්දු යන අය මෙම නිලවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝදී බව සදහන් කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ස්ථාපිත අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා පොලිස්  ක්‍රීඩා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව, ඩබ්. ටී.ආර්. ප්‍රනාන්දු මහතා  2006 වර්ෂයේ දී කොරියාවේ පැවති කේ ආර් එච් කුසලාන තරඟාවලියේදී , 2016 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති ජුපිට්සු ලෝක කුසලාන තරගාවලියේදීද, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණද අදාල ඉසව් වලට සහභාගී නොවී, එම රටවල් වලදී අතුරුදහන් වී තිබෙන බව පැමිණිල්ල තුල  සදහන් වේ.

එම පැමිණිල්ලේ සදහන් පරිදි  1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව එසේ රාජ්‍ය මුදල් භාවිතා කරමින් ජාත්‍යන්තර තරඟවලට සහභාගී වන බවට රජය සමග  ගිවිසුම් ගතව  එම රටවල් වලට ගොස්, හොරෙන් පැන යන අයවලුන්ට මෙවැනි නිලවරණ සදහා ඉදිරිපත් වීමට නොහැකි බවද, 2016 10 27 වන දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ 5 (4) (ණ) වගන්තිය තුලින්ද ඒ අයුරින්ම තහනම් කර තිබෙන බවද සදහන්ය.

රජයේ මුදල්වලින් විදේශගතව , අදාල තරග ඉසව් වලට සහභාගී නොවී, රටට අපකීර්තියක් ගෙන දුන් මෙවැනි පුද්ගලයන් ක්‍රීඩාවක පරිපාලනයට එක් කිරීමෙන් ක්‍රීඩාවේ පරිහානිය සිදුවන බවද වැඩි දුරටත් පැමිණිල්ල තුල සදහන් වෙයි.

රාවණා සංස්කාරක සටහන

පාර්ලිමේන්තුව මගින් පනවා ඇති පනතක සදහන් වන කරුණක් නොකර හැරීමට නිලවරණ කමිටුවකට නීතියෙන් අවසර නොලැබේ. රටක නීතියක් පවතින්නේ එනිසාය. පැමිණිල්ලට අනුව කාරණාව සත්‍ය නම් පසු පනතකින් හෝ එම නීතිය වෙනස්  වී නොමැති නම් නිලවරණ කමිටුවකට එය වෙනස් කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් නොලැබේ. ක්‍රීඩා අමත්‍යංශය තුල හෝ වරින් වර හෝ එම නීතීන් වෙනස් කර , කමිටුවකට බලය ලබා දී තිබුනද , පාර්ලිමේන්තුව මගින් පනවා තිබෙන නීතීන් අබිභවා ගොස් වෙනත් නීතීන් වලට යටත්ව කටයුතු කිරීමට නිලවරණ කමිටුවකට කිසිදු බලයක් නොලැබේ. එසේ කරන්නේ නම් ශ්‍රී ලංකාවට නීතියක් හෝ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවේ.

එසේ කටයුතු කර තිබෙන්නේ නම් එම කමිටුවට විරුද්දව ද ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාද නඩු පවරා දඩුවම් ලබා දීමට හැකිය. ලංකා දණ්ඩ නීති සංග්‍රහය කියවන ඕනෑම කෙනෙකුට එය මනාව වටහා ගැනීමට හැකියාව තිබේ. නීතිය නම්  එයයි. එයට අනුව හැසිරීම සියලු බලධාරීන්ගේ වගකීම වේ.

https://www.ravanalankanews.lk/6366/11/%e0%b6%a2%e0%b7%96%e0%b6%a9%e0%b7%9d-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%80%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b7%92%e0%b6%ad/27/09/
Exit mobile version