වැඩිහිටියන්ට ලැබෙන ආහාර සහ මුදල් ද දූෂිත භාවිතා කරන පාලිකාවන් නිසා මෙන්ම නිසි ක්‍රමවේදයක් නොමැති නිසා දූෂණය ඉහලටම ගොස් දවසේ එක වේලක්වත් ආහාර ලබා දීමට නොහැකි තත්වයේ පවතින වැඩි හිටි නිවාසයක් සොයාගෙන අප පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ සංචාරයක නිරත උනා. එම සංචාරය සදහා අප සහභාගි වුයේ නව පාලක මණ්ඩලයේ ඉල්ලීම මතයි.
ප්‍රදේශයේ නැසීගිය ධානපතියෙකු වන ආර් සෝමදාස මුදලාලි මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර 10 ක් වන භුමියක් මත පිහිටා තිබෙන මෙම වැඩි හිටි නිවාසයේ මේ වන විට ප්‍රමානය අක්කර 6 දක්වා අඩුව තිබේ. 1998 ජුනි මස 21 වැනි දින ඉදිකරමින් මතු වැඩි හිටි පරපුර වෙනුවෙන් දායාද කර තිබෙන මෙම වැඩිහිටි නිවාසය පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් පුස්සතොට ග්‍රාම නිලධාරී වසමේ මගයාය ගමේ.
මේ වන විට වැඩිහිටි පුද්ගලයන් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉතාම සතුටින් මෙහි ජීවත් වනබව මේ රූප රාමු තුලින්ම ඔබට වටහාගත හැකිය. මෙම වැඩිහිටියන් සදහා දිනකට සහල් කිලෝ 25ක් වත් අවශ්‍ය වුවත් අප සංචාරය කරන විට දුටුවේ සහල් කිලෝ 10 ක් වැනි ප්රමාණයකි. ඒ එදින දහවල වෙනුවෙනි. මෙම වැඩිහිටි නිවාසයට මීට පෙර කිසිදු අඩුවක් නොමැතිව ධාන මෙන්ම අනෙකුත් උපකාර ලැබී තිබේ. නමුත් දීර්ඝ කාලයක් සිදුව තිබෙන වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් මහජන උපකාර ලැබීම නතරව තිබේ. එම දූෂණ වංචා සොයා මේ වන විට වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් සහ එහි කාර්ය මණ්ඩලය විගණනයක් ආරම්භ කර තිබේ.
මේ වන විට මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට ජලය පවා නොමැති අතර ඔවුන්ට අවශ්‍ය ජලය ලැබෙන්නේ මගයාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මගිනි. එහි විහාරාධිපති හිමි විසින් අවශ්‍ය ජලය පහසුකම ලබා දයි. ඊට අමතරව වැඩිහිටියන්ගේ කොට්ට, මෙට්ට, ඇඳ, ඇඳ ඇතිරිලි පවා භාවිතයට ගත නොහැකි තත්වයක තිබේ. විදුලි උපකරණ, ජල පොම්පය පවා කැඩී බිඳී ගොස් තිබේ. සමස්ථයම යම් අලුත්වැඩියා කිරීමට ලක් කල යුතුව තිබෙන අතර වැසිකිලි පවා භාවිතා කිරීමට නොහැකි තරමට අපිරිසුදු වී තිබේ. මානසික ආබාධවලට ලක්ව සිටින වැඩිහිටියන් ආහාර වර්ජනයක යෙදී සිටී. ඒ ඔවුන්ට අවශ්‍ය ඖෂධ නොමැති වීම නිසාය.
මීට පෙර මෙහි සේවය කල පාලිකාවන් දැඩි දූෂිත ප්‍රතිපත්තියක් මත කාට්යුතු කර තිබෙන අතර සමහර දේවල් විගණනය කිරීමට පවා අපහසුව තිබේ. වැඩිහිටියන් වෙනුවෙන් ලැබෙන අමු සහ වියලි සලාක අසල තිබෙන ව්‍යාපාරික ස්ථාන වෙත් විකුණා මුදල් ලබාගෙන තිබේ. මේ වැඩිහිටි නිවාසය ආරම්භ වූ කාලයේ සිටම එසේ අක්‍රමිකතා සිදුව තිබෙන නමුත් එහි ග්‍රාම නිලධාරිගේ සිට පළාත් පරිවාස කොමසාරිස් දක්වාම “ කඩේ වසා “ සැප නින්දක සිටීමේ ප්‍රතිපලය දැන් ලැබී තිබේ. සබරගමු පළාත් හිටපු පරිවාෂ කොමසාරිස්ගේ “සැප” නින්ද කොතරම්ද යත් හිටපු පාලිකාවක් “ වැටුප් දෙකක්” අරගෙන තිබේ.
කෙසේ නමුත් මෙම ස්ථානයේ තිබෙන ගැටළු පිලිබඳව සබරගමුව පළාත් සභාවේ පරිවාස දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරියට ලැබුණු තොරතුරු මත මෙම වැඩිහිටි නිවාසයේ සිදුකල සංචාරයකදී සියලුම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවද එම ගම්වාසීන් පවසයි. කෙසේ වෙතත් මීට පෙර සබරගමුව පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ වරදින් මෙම වැඩිහිටියන් ප්‍රශ්න ගනනාවකට මුහුණ දී තිබේ. මෙහි දීර්ඝ කාලයක් සිදුව තිබෙන දූෂණ, වංචා සහ අක්‍රමිකතා වලට සෘජුවම වගකීමට මීට පෙර සිටි කොමසාරිවරුන් මෙන්ම පළාත් ආණ්ඩුකාරවරුද වගකිව යුතුය.
ප්‍රදේශයේ නිසි සිවිල් බලධාරියා ලෙස පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එහි පාලනය තාවකාලිකව බාරගැනීමට වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගේ පාලනයට ගෙන නැවත ප්‍රතිසංවිධානය කරමින් සිටි . ඒ සදහා වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ. මින් ඉදිරියට කිසිදු ආකාරයක වංචාවක් දූෂණයක් කිරීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කරන අනුරාධ ජයකොඩි මහතා ප්‍රකාශ කරන ලදී. ඇති හැකි අයට මෙයට මැදිහත් වී මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යාමට උපකාර කරන ලෙස ඔහු ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටි.
උපකාර කිරීමට කැමති අය සදහා පහත නිලධාරීන් අමතන ලෙස අපද කාරුණිකව ඉල්ලා සිටී.
ශ්‍රී රාවනා ලංකා පුවත් සේවය – ක්ෂණික ඇමතුම් – 0710866060 ( කොටා පාර, බොරැල්ල, කොළඹ 08 )
0452227238 – ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැලිගෙපොල
0768031986- සමාජ සංවර්ධන සහකාර (නිලූකා ප්‍රියදර්ශනී )
0710561046 – සමාජ සුබසාධන අංශ ප්‍රධාන (අයෝමා බෝගහවත්ත)