දූෂිත මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ මැදිහත්වීමෙන් අණදෙන නිලධාරී බෑණාගෙන් පෙන්ෂන් ගිය ආමි මාමණ්ඩිය ඇතුළු දෙසියකට කඳවුරේ සාදයක්
සෙබළ සෙබළියන් හට පරිප්පුයි බීට් අලයි බතුයි දීලා දින දෙකක කුකුල් මස් සහ මාළු කෑල්ලට විදලා.
අධි ශීතකරණය තුළ ගෙඩි පිටින් කුකුල්ලු 35 සහ මාළු කිලෝ 25 ක්. වීඩියෝ පට එලියට.
හමුදා පොලීසියෙන් පැනලා
මේජර් ජෙනරාල් සහ අණදෙන නිලධාරි කොටුවෙති.
සෙබළ සෙබළියන්ට හිමි බත්පතේ අයිතිය සුරකින ලෙස සියල්ලෝ ජනාධිපති ගෙන් ඉල්ලති.
මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ දූෂිත හිරිකිත සහ ලැජ්ජා සහගත ක්‍රියා පිළිබඳව අප වගකිවයුත්තන් දැනුවත් කළද අන්ධයින් බිහිරන්සේ හැසිරෙන ඔහුන් මේජර් ජනරාල් මෙත්තානන්දට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් නොගත් පසුබිමක අද අපගේ වාර්තාකරණය මෙසේ දිග හරින්නෙමු
ස්ථානය පනාගොඩ 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ මුළුතැන්ගෙය. දහසකට ආසන්න සෙබළ සෙබළියන්ට යුද හමුදාවෙන් හිමි ගන්වන ලබන වියළි සහ අමු ආහාර සකස් කරනු ලබන්නේ මෙම ස්ථානයේදීය. මෙම මුළුතැන්ගෙය එම ඒකකයේ අණදෙන නිලධාරියෙක් මේජර් ප්‍රසන්න වන්නිආරච්චි යන පොලියට සල්ලි දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිලධාරීවරයා යටතේ පාලනය වේ.
සෙබළුන්ගේ මස් කෑල්ල මාලු කෑල්ල තමාගේ කටගැස්ම කරගත් මේජර් ජෙනරාල් මෙත්තානන්ද මෙම දූෂිත අණදෙන නිලධාරීන් වරයාද සමග එකතුව එම අණදෙන නිලධාරී වරයාගේ විශ්‍රාමික මේජර් මාමණ්ඩිය ඇතුළු දෙසිය දෙනෙකු සඳහා මත්පැන් කටගැස්ම මෙන්ම නැටුම් ගැයුම් වලින්ද සමන්විත සාදයක් දෙසැම්බර් මස 17 වන දින පනාගොඩ කඳවුරේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේය.
අණදෙන නිලධාරි ප්‍රසන්න වන්නිආරච්චි සහ මේජර් ජෙනරාල් මෙත්තානන්ද තමාගේ පෞද්ගලික බූදලයෙන් සාද සියයක් පැවැත්වුවද අපට ප්‍රශ්නයක් නැත. නමුත් අහිංසක දෙමව්පියන්ගේ අසරණ දූ පුතුන් සෙබළ සෙබළියන් ලෙස යුද හමුදාවට බැඳී මාහැඟි විනය නිසා කෑමට කෑ නොගසන පසුබිමක ඔවුන්ට හිමි ආහාර වේල මහ දවල් අමු අමුවේ මංකොල්ල කමින් මස් කෑල්ලෙන් මාළු කෑල්ලෙන් කටගැස්ම සාදා බදාදාට ලැබෙන බාස්මති හාල් සම්බා හාල් ටිකෙන් ෆ්‍රයිඩ් රයිස් හදලා බිත්තරයට ලූනු ගෙඩියට අල ගෙඩියට සුදුලූනු ගෙඩියට පවා විදලා බුෆේ දාලා සාද පවත්වන්නේ නම් අප ඉඩ නොතබන්නේ වගකිය යුතු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස අපට ඇති සදාචාරාත්මක යුතුකම ඉටු කරමිනි.
මෙම සාදය සඳහා දෙසැම්බර් මස 13 සහ 15 යන දෙදින තුළ සෙබළ සෙබළියන්ට හිමි ගැන්වූ කුකුල් මස් සහ දෙසැම්බර් මස 12 වන දින හිමි ගන්වනු ලැබූ මාළු අධි ශීතකරණ තුළ එක එක්රැස්කර තිබියදී දෙසැම්බර් මස 15 වන දින එනම් අද දින යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපති තුමනි මේජර් ජෙනරාල් මෙත්තානන්ද කුප්‍රකට ටයිල් වංචාව පිළිබඳව වැරදිකරුවී චෝදනා පත්‍ර පවා නගා ඇති අවස්ථාවක ඔහුව ආරක්ෂා කරමින් තවත් මෙවැනි අකටයුතුකම් වලට ඉඩහසර සලස්වා දී ඇති පසුබිමක ආරක්ෂක ඇමති ලෙස මෙම දූෂිත අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චිට සහ මේජර් ජෙනරාල් මෙත්තානන්දට දැඩිව නීතිය ක්‍රියාත්මක ඔබගේ වගකීම බව පෙන්වා දෙන්නෙමු
සමාජ මාධ්‍ය සදාචාර නීතිරීති තද කරනවාට වඩා සෙබළ සෙබළියන්ට රජයෙන් හිමි ගැන්වෙන බත් පත මංකොල්ල කන දූෂිතයන්ට එරෙහිව නීතිරීති අණපනත් ගෙන ඒම කාලෝචිතයි පෙන්වා දෙන්නෙමු.
මෙම නිලධාරියා පිලිබදව මීට පෙර මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ විසින් කරන ලද හෙළිදරව්වක් පහතින්