දූෂිත රාජ්‍ය සේවකයන්ට විරුද්ධවත් අරගලයක් !. උසස් නිලදාරීන්ගේ නම් දූෂිත ලැයිස්තුවේ.

අපට ලැබෙන නිශ්චිත තොරතුරුවලට අනුව සමාජ ක්‍රියාකාරීන්ගේ මූලිකත්වයෙන් දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ විස්තර සෙවීම ආරම්භ කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ එම කරුණු සෙවීම ආරම්භ කර තිබේ.

එම ලැයිස්තුව සැකසීම මීට දින දෙකකට පෙර අරඹා ඇති අතර එහි විශ්‍රාමික රාජ්‍ය සේවකයන්, සක්‍රීය රාජ්‍ය සේවකයන්, වෛද්‍යවරුන්, හිටපු සමහර හමුදාපතිවරුන් මෙන්ම සක්‍රීය සේවයේ සිටින හමුදා නිලදාරීන් මෙන්ම පොලිස් නිලදාරීන්ගේද, අධ්‍යක්ෂකවරු, ඇතුළු ග්‍රාම නිලදාරීන්ගේ සිට ඉහලට අමාත්‍යංශ ලේඛම්වරුන් දක්වාමද, අධ්‍යක්ෂක ජනරාල්වරුන් මෙන්ම විනිසුරුවරුන්ගෙන් පවා සිදු වූ අකටයුතුකම් අසාධාරණ, දූෂිත , වංචනික ක්‍රියා එකතුවෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වුවත්, දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලදාරීන් සහ විවිධ ඝනයේ හමුදා නිලධාරීන්ද විවිධ දූෂණ සහ වංචා සිදු කර තිබේ. එසේම විවිධ අරමුදල් වලින් මුදල් ලබා ගෙන තිබේ. මේ සියල්ලටම හේතු වූ ප්‍රධානතම කරුණ නම් 2006 අංක 49 දරන ප්‍රසම්පාධන මාර් ගෝපදේශ සංග්‍රහයයි. එකල ටෙන්ඩර් සදහා අනුමත කරන සහ හදුන්වා දෙන ලද එම සංග්‍රහය මෙරටට හොරුන් බිහි කිරීමට සමත් විය.

ගමේ බෝක්කුවක් සැකසීම සදහා කොන්ත්‍රාත් ගන්නා සුළු පරිමාන කොන්ත්‍රාත්කරුවා රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් තත්වයෙන් බාල ඉදිකිරීම් අනුමත කරවාගැනීමට එය ඉවහල් විය.

විගණාකාධිපතිගේ බලය හීන කරමින් සියලු කොන්ත්‍රාත් වලින් අත යට ගනු දෙනු කිරීමට අවශ්‍ය දිරිගැන්වීම් සිදු විය. තාක්ෂණික ඇගයීම් කමිටු පවා අල්ලස් වැඩියෙන් ලබා දෙන පුද්ගලයාට ටෙන්ඩර් අනුමත කිරීම සිදු විය. ඒවායේ ප්‍රතිපලය අද අප සියලුම දෙනා විදිමින් සිටිති.

Exit mobile version