ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවති තුන්වන දෘෂ්‍යාබාධිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තෙවන ජයග්‍රහණය ද වාර්තා කිරීමට අද (10) සමත්ව තිබේ.
ඔවුන් මෙම ජය වාර්තා කළේ බංග්ලාදේශ දෘෂ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින් ය.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 146ක් රැස් කර ඇත.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 04ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී ය.
මීට පෙරදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ දී ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් පරාජය කිරීමට ද සමත් විය.