ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ ගිරාදුර ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු කපා කොටා මරා දමා තිබේ.
ඊයේ (11) රාත්‍රියේ මෙම සිද්දිය සිදුවන්නට ඇතිබව සැක පහල කරන අතර මෙසේ මරා දමා ඇත්තේ M දයානන්ද (82) සහ R හේමලතා (75) යන අඹු සැමි යුවලකි. මරා දමා තිබෙන බවට සැක කරන කාන්තාවගේ සිරුර නිවසින් එළියේද, පිරිමි පුද්ගලයාගේ සිරුර නිවස ඇතුළතද තිබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.
ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි W. A නිමල් විජයමුණි මහතාගේ උපදේස් යටතේ ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති කේ එන් ආර් විජේසිරි මහතා ඇතුළු පොලිස් නිලදාරීන් කණ්ඩායමක් පරීක්ෂණ කටයුතු සිදු කරයි.