දෙමාපියන්ට අවවාද

අද (10) දින සිට පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සිදු කරන ලදී.

මේත් සමග සිසුන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ළමුන් සමාජයට නිරාවරණය වීම සමග යළි කොවිඩ් ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් දරුවන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහළ මහතා සඳහන් කළේ.

කෙසෙ නමුත් දරුවන් පාසල තුළ ආරක්ෂිතව රඳවාගෙන අධ්‍යයන කටයුතු සිදු කිරීමේ වගකීම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල වෙතට මෙන් ම දෙමාපියන්ට ද පැවරේ.

Exit mobile version