සාමාන්‍යයෙන් කප්පම් ගන්නේ පාතාල සාමාජිකයන් වැනි නීති විරෝදී සංවිධානාත්මක සහ සංවිධාන නොවූ අපරාධ කල්ලි සහ සාමාජිකයන් විසිනි. අප රට තුල එවැනි සිදුවීම් නිතර නිතර අසන්නට නොලැබුනත් විවිධ දේශපාලකයන් විසින් එසේ විවිධ අකාරයෙන් කප්පම් ගනී. විවිධ කොනත්රාත්තු ලබා දීම සදහා, විවිධ රැකියා ලබා දීම සදහා ආදී විවිධ ආකාරයෙන් කප්පම් ගැනීම සිදු කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින දේශපාලකයන්ගේ ලජ්ජා නහර කපා දමා තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකාවේ අනාගත පැවැත්මක් අවශ්‍ය නොවේ.
එවැනි දේශපාලකයෙකු අනාවරණය වීම අද සිදු වුයේ ශ්‍රී ලංකාවෙනි. ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට අවුරුදු 2 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද දහවල් නියෝග කර තිබුණි. එම නියෝගයට අමතරව පැමිණිලිකරු වෙත රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.
එම නඩුවට අනුව වාර්තා වුයේ , 2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජූනි මස 2 වන දා අතර කාලසීමාව තුළ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා මෙම කප්පම් මුදල ඉල්ලු බවයි. එහි පැමිණිලිකරු වූ ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තිබේ. ඔහු එම කාලයේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.
මෙම අමාත්‍යවරයා දැන් කැබිනට් අමාත්‍යවරයෙකි. ඔවුන් ශ්‍රී ලංකාව විනාශ කර ජනතාව මහමගට ඇද දමා තිබේ. ඒ ඔවුන් මෙරට ජනතාවට ලබා දුන් සහන සහ මේ එලිවන්නේ ඔවුන්ගේ වංචා සහ දූෂණයි.