ඇල්ල , දෙමෝදර ආරුක්කු නවය පාලම මතදී තරුණයෙකු සහ තරුණියක් දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් සහ 18 හැවිරිදි වියේ පසුවන තරුණියකි.
දුම්රිය පැමිණෙන අවස්ථාවේ බිංගෙය අසල මොවුන් රැඳී සිට ඇති අතර එම ස්ථානයේ ඉඩකඩ අවම වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතිබවට අනාවරණය වී තිබේ .
තුවාල ලැබූ තරුණිය සහ තරුණයා ප්රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.