දෙලක්ෂ විසිදහසකට පමණ විදුලිය අහිමි කළ කාලගුණය

දිවයිනේ මේ වන විට පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය සමග පළාත් කිහිපයකම විදුලිබලය ඇනහිට ඇති බවයි විදුලි මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් දෙලක්ෂ විසි දහසකට පමණ බලපෑම් එල්ලව වී ඇති බව ඔවුන් පවසා ඇති අතර මෙලෙස විදුලි විසන්ධි වූ ප්‍රදේශ වශයෙන් දකුණු පළාත, මධ්‍යම පළාත් සහ නැගෙනහිර යන පළාත්හි ප්‍රදේශ රැසකටත්, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකුත් දැක්වේ.

 මෙලෙස විදුලි බිඳවැටීම් බොහෝමයකට හේතුව ගස් කඩා වැටීම් සහ නායයෑම් වන බවත් විදුලි බිඳවැටීම යළි යථා තත්ත්වයට පත් කිරීමට මෙම කඩා ගස් වැටීම් සහ නායයාම් බාධාවක් වී ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එමෙන් ම මේ වන විට අධික වර්ෂාව මධ්‍යයේ වුව ද විදුලිබල මණ්ඩලයේ සේවකයින් මෙම බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ දරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

Exit mobile version