දෙවන භූ කම්පනය බුත්තලින් – පළමු භූ කම්පනයෙන් චුඩාමානික්‍යකට හානි.

 ඊයේ (10) දින බුත්තල , පැලවත්ත , වැල්ලවාය , සහ මොණරාගල යන ප්‍රදේශ වලට රිච්ටර් පරිමාණයේ  ඒකක 3.0 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඇති වූ අතර එම භූ කම්පනය හේතුවෙන් උනාවටුන ශ්‍රී බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දාගැබේ කොත් කැරැල්ලේ තිබු චුඩාමානික්‍ය බිම ඇද වැටීමෙන් එයට හානි සිදු වී  තිබෙන බව විහාරස්ථානයේ විහාරාධිපති නාගොල්ලේ නන්දරතන හිමි සදහන් කළ බව වාර්තා වේ.

මෙරට දෙවන භූ කම්පනය රිච්ටර්  පරිමාණයේ ඒකක 2.3 ක අගයක් ලෙසින් වැල්ලවාය – බුත්තල නගර ආශ්‍රිතව  අද (11) අලුයම 3.48 ට පමණ සිදු වූ බව වාර්තා වේ.

Exit mobile version