දෙවැනි දිනය අවසානයේ ලංකාව ඉදිරියෙන්.

නවසීලන්තය  හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම තම  පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කරගෙන සිටී.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ  ටොම් ලේතම් ලකුණු 67ක් රැස්කර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන්  පන්දු යැවීමේදී ලහිරු කුමාර හා  කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා නවසිලන්ත කණ්ඩායම  ලකුණු 193ක් පිටුපසින් සිටී.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබාගනු ලැබුවේ ලකුණු 355ක් පමණි.

Exit mobile version