දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් බවට දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්තා සදහන් කර ඇති බව වාර්තා වේ.
පැමිණි නරඹන්නන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් බවත් එම වාර්තා සඳහන් කරයි .
එමෙන්ම 2023 වර්ෂයේ පැමිණි නරඹන්නන් සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් වන අතර ලැබු ආදායම රුපියල් මිලියන 341 ක් බවද වාර්තා වී ඇත.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්යක්ෂ මෙහෙයුම් එච්.ඒ අනෝමා ප්‍රියදර්ශනී මහත්මියගෙන් මේ පිළිබඳව විමසා සිටි අතර එම මහත්මිය පැවසුවේ මේ වන විට දෙහිවල සත්වෝද්‍යානය අධ්‍යාපනික දැනුවත් කිරීම් නරඹන්නන්ගේ සුව පහසුව වැඩි කිරීමත් සමඟ නරඹන්නන් පැමිණීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.