දෙහිවල හෝටලය සමතලා කර, දේශබන්දු කරලියට ගත් ශිරාන් බාසික් සහ පුතා!. කවුරු කියන එකද අපි පිළිගන්න ඕනි,

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව ප්‍රකාශ කරන ආකාරයට ලංකාවේ සිටින ලොකුම කුඩු ජාවාරම්කරු වන්නේ ශිරාන් බාසික් නම් ඔහුගේ පුත්‍රයා ලංකාවට එව්වේද යන්න ප්‍රශ්නගත විග්‍රහයක් දර්ශන හඳුන්ගොඩ විසින් ඉදිරිපත් කර තිබේ.

පසුගියදා පොලිසිය ප්‍රකාශ කලේ ශිරාන් බාසික්ගේ පුත්‍රයා ලංකාවට පැමිණ ඇති බවත් , ඔහුගේ පුත්‍රයා පැන ගිය බවයි.  ලංකාවට පැමිණියේ පෙරවාරි මස 13 වනදා බවත්, ඔහු ඇත්තටම ලංකාවට පැමිණියේද යන්නද ප්‍රශ්නයක් ඔහු එහිදී මතුකරයි. එය පොලිස් නාඩගමක් බවද ඔහු පෙන්වා දෙයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට වවුනියාවේදී මුදල් ලබා දුන් බව ප්‍රකාශ කිරීම.

එසේම ඔහු දේශබන්දු තෙන්නකෝන් මහතාට අභියෝගයක් කරමින් කියා සිටින්නේ බාසික් 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මුදල් ලබා දි තිබෙන බවත් දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කල බවත්, එම ලැයිස්තුව එලියට දමන ලෙසය. එසේම දෙහිවල හෝටලය සමතලා කිරීමේ සිද්ධියේදී , එහි හිමිකරුවන් ප්‍රකාශ කළේ දේශබන්ධු තෙන්නකෝන් මහතාට ඔවුන්ද වවුනියාවේදී මුදල් ලබා දුන් බවයි.

කෙසේ නමුත් ටිරාන් අලස් මහතා අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කලේ ඔවුන්ට චෝදනා කරන්නේ කුඩු සහ පාතාලය සමග සමන්ද අය බවත්, නීතිවේදින්ද ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවයි.

දෙහිවල කඩා දැමුණු හෝටලය අසල කල මාධ්‍ය සාකච්චාව

එසේම දෙහිවල හෝටලය මෙන්ම දෙහිවල හෝටලය අවට තවත් හෝටල් තිබෙන බවත්, එම හෝටල් ද කාගේද යන්නද සෙවීම ආරක්ෂක අංශවලම වගකීමක් බවටද, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය පෙන්වා දෙමින් මෙරට ජනතාව සිතන, පතන පැති ගණනාවක් දෙස ඔහු අවධානය යොමුකරන ලදී.

එසේම මෙරට කුඩු පාතාලය සමග ඉහළ පෙළ දේශපාලකයන් මෙන්ම පොලිස් නිලධාරින්ද සම්බන්ධ බවද ඔහු පෙන්වා දෙන ලදී.

කෙසේ වුවත්, මෙරට පොලිස් දෙපාර්තමේන්තුව මෙරට බොහෝ දෙනෙක්ට කුඩු, ගංජා යොදා අධිකරණවලට ඉදිරිපත්කරන බවද නොරහසකි. පුද්ගලික පලිගැනීම් උදෙසා දිනකට 50/60 කට  වඩා පිරිසකට අධිකරණවලට යොමු වීමට සිදුව තිබේ. ඒ ශ්‍රී ලංකා පොලිස් දෙපර්තෙම්න්තුවේ සමහර දුෂිත, අදක්ෂ පොලිස් නිලධාරින් නිසාය.

දර්ශන හදුන්ගොඩගේ වීඩියෝව

Exit mobile version