බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කල බවට චෝදනා චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු නම් වු දේව ගැතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිපති උපදෙස් ලබාගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයෙ (12) අවසර ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසරය ලබා දුන්නේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න ප්‍රකාශ කර තිබුනේ, එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට අනුව තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ අනුව පෙත්සම සංශෝධනයට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත්ය.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් නීතිපතිවරයාගෙන් ලබා ගත යුතු බවත් ඊට අවසර ලබාදෙන ලෙසත්ය.
මෙම පෙත්සම නැවත සලකා බැලීමට ලබන වසරේ මාර්තු මස 14 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
ආගම් හා සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම නිසා මොහුට අමතරව නතාශා නමැති කාන්තාවක් සහ තොටවත්ත නැමැති පුද්ගලයෙකුද මෑත යුගයේදී මෙසේ බන්ධනාගාරගත කරන ලදී.