දේවානිට පදනම් විරහිත විනය පරීක්ෂණයක්!. රාජ්‍ය පරිපාලන සේවය දුෂිත වීමේ ඛේදනීය තත්වය.

රටම ආදරය කරන රාජ්‍ය නිලධාරිණියට ඉහලින් කැපිලි පිට කැපිලි…

දේවානි ජයතිලක නම ඇසූ සැනින් කාගේත් සිහියට නැගෙන්නේ රාජකාරිය දේවකාරිය සේ ඉටු කරන, සහ රාජකාරියේදී සිදු වන අනීතික බලපෑම් වලට එඩිතරව ප්‍රතිචාර දක්වන ප්‍රතාපවත් කාන්තා රාජ්‍ය නිලධාරිනිය කි.
නමුත් ඇය රාජකාරී කරන දෙපාර්තමේන්තුවෙන් ඇයට සිදු වන කෙනෙහිලි කම් පිළිබඳව අපේ ඇස ගැටෙන්නේ ඇය විසින් පල කර තිබූ ෆේස්බුක් සටහනක් නිසාය.

එහි සඳහන් ව ඇත්තේ
“පරිපාලන සේවයේ නිලධාරින්ගෙන් උපදෙසක් අවශ්‍යයි.
නිලධාරින් බලය අයුතු ලෙස භාවිතා කර අයිතිවාසිකම් නොදී සිටීම සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද ? ආය නඩු දාන්න සල්ලි නෑ . 😥” යනුවෙනි.

මේ පිලිබඳව අප අදාළ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ වැඩි දුරටත් සොයා බැලීමට කටයුතු කළ අතර එහිදී මෙම අද්විතීය නිලධාරිණියට එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් විසින් නොයෙකුත් නොපනත්කම් සිදු කරන බව දැන ගන්නට හැකි විය.

Crudia zeylanica ශාකය සම්බන්ධ ව ඇය විසින් මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධ ව ඇයගේ පුද්ගලික ලිපිගොනුවට අවවාද කිරීමේ ලිපියක් ඇතුලත් කර ඇති අතර එසේ කර ඇත්තේ, ඇය එම මාධ්‍ය ප්‍රකාශය වෘත්තීය සමිති නියෝජිතයකු ලෙස ඉදිරිපත් කර තිබියදීය.

එමෙන්ම දැනට වසර දෙකක් පුරාවට ඇයට හිමි ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ලබා දීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බව ද දැන ගන්නට ඇත.

ආපදා ණය සඳහා වසර කිහිපයක සිට ඉල්ලීම් කර තිබුණ ද එය විවිධ හේතු දක්වමින් මේ දක්වා ලබා නොදීමට කටයුතු කර ඇත.

මෙවැනි නොපනත්කම් නිසා ඇතැම් විට දේවානි ජයතිලක මහත්මියට සිය රාජ්‍යය වෙනුවෙන් සේවය කරනු වෙනුවට, ඉන්න හිතෙන රටකට යන්නට වුවද සිතෙන්නට හැක. එනමුත් යුක්තිගරුක මිනිසුන්ව අයුක්ති සහගත චන්ඩාලයන් ලවා පාගා දැමීමට කටයුතු කරන, සමස්ථ රාජ්‍යයම විනාශ කරන, සුදු කරපටි අපරාධකාරයන් ට එරෙහිව යුක්ති ගරුක පුරවැසියන් සටන් වැදිය යුතුමය.

ලක් රාජ්‍යයට ඉතා විරල එඩිතර රාජ්‍ය සේවිකාවක් වූ දේවානි ජයතිලක වැනි ජාතික සම්පත් රාජ්‍යයට අහිමි කරන රාජ්‍ය ද්‍රෝහීන් ට එරෙහිව සියලු යුක්තිකාමී පුරවැසියන්, නිලධාරීන්, පරිසර ක්‍රියාකාරිකයින් පෙරමුණ ගත යුතුය.

වසර 8ක සිට නිමා නොකරන පදනම් විරහිත විනය පරීක්ෂණයක් නිසා දේවානි මහත්මියගේ වැටුප් වර්ධක නවතා ඇත. නමුත් විනය පරීක්ෂණ හිතූ හිතූ ලෙස කල් මරමින් පවත්වාගෙන යා නොහැකි අතර කඩිනමින් නිමා කළ යුතුය. එසේ වුවත් විනය පරීක්ෂණයේ නිමාවක් මේ වන තෙක් සිදුව නැත.

එසේම අප විසින් ආරම්භ කරන ලද මෙම සිද්ධි විමර්ශනය ඔස්සේ තවදුරටත් ඉදිරියට යමින් මෙම අසාධාරණකම් සිදු කිරීමට වග කිව යුතු නිලධාරීන්ගේ වගතුග සොයා බලා වාර්තා කර ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටිමු.

දේවානිලා, භාග්‍යාලා මේ රටේ වැඩි වැඩියෙන් බිහි විය යුතුය. ඔවුන් එරෙහි වුයේ රටේ පරිසරය වනසන්නා වූ පුද්ගලයන්ටය. ඔවුන්ට ඊරෙහිව දිගින් දිගටම පහර ගැසුවේ පරිසරය වැනසූ, මැණික් ව්‍යාපාරිකයන්, ගස් කපන්නෝ සහ ඔවුන්ගේ මුදල් වලින් යැපෙන්නෝය. භාග්‍යාට එරෙගිව කටයුතු කලේද මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් කටු කෑ රත්නපුරේ නුගත් පිරිසකි. එවන් රටක් තුල සාධාරණ මිනිසුන්ට ජිවත් වීමේ අයිතිය මෙන්ම හුස්ම ගැනීමට තිබෙන අයිතියද වනසන දුෂිත මිනිසුන් රටට බිහිවීම වැලැක්වීම සදහා අවශ්‍ය කිසිදු අණපනතක් ක්‍රියාත්මක කිරීමට රටේ පාලකයන් අසමත්ව සිටී.

සපුමල් මොනරවිල

Exit mobile version