දේශප්‍රේමී ලේබල් ගසා ගත් හමුදා නිලධාරීන් රට විකිනීමට සැරසෙති. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩත් විකුණලා.

අපට බොහෝ විට හමුදා නිලධාරීන්ගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා අසන්නට නොලැබේ. එයට හේතුව ඒවා මාධ්‍යට වාර්තා නොවීම සහ වාර්තා නොවුවත් යම් බියක් හෝ  ගෞරවයක් මත ඒවා වාර්තා නොවීමයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග් යානා ගනුදෙනුව, C – 130 ගනුදෙනුව ආදී කටයුතු කිහිපයක් පමණක් වාර්තා විය. එසේම හිටපු ගුවන් හමුදාධිපති සුමංගල ඩයස්ගේ පාලන සමය තුල ඔහුට පක්ෂපාති මෙන්ම හිතවත් නිලධාරීන්ට පමණක් උසස්වීම් ලබා දෙමින් සිදුකල ක්‍රියාවක් මාද්‍ය වාර්තා කර තිබුණි. එම ක්‍රියාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය මගින් දී තිබෙන අයිතිවාසිකම් කඩ කර තිබුනේ අගතියට පත් නිලධාරින්ගේය. එසේම යුද්ධ හමුදාවේ ආහාර ටෙන්ඩරයෙන්ද සිදුවන මාහා පරිමාන වංචා දූෂණ වරින් වර වාර්තා විය.

කන්කසන්තුරේ හමුදා පාලන ප්‍රදේශට අයත්ව තිබු කන්කසන්තුරේ සිමෙන්ති කාර්මන්ත ශාලවේ තිබු යකඩ විකිණීම, එහි යන්ත්‍ර සූත්‍ර විකිනිම ඇතුළු වංචා දූෂණ සහ අක්‍රමිකතා මෙන්ම බලය අවභාවිත කිරීමේ චෝදනා ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ මහින්ද හතුරුසිංහ සහ දයාරත්න රත්නායක නමැති විශ්‍රාමික උසස් හමුදා නිලධරීන් දෙදෙනෙකුටය. එසේ චෝදනා ලැබූ ඔවුන් විශ්‍රාම වැටුපක්ද ලබමින් සිටින බවද වාර්තා වේ. හමුදාවන් වල කටයුතු සිදුවන්නේ එසේය.

දයාරත්න රත්නායක යනු වර්තමාන කාර්මාන්ත අමාත්‍යංශයේ ලේඛම්වරයා බවද වාර්තා වේ. ඔහුගේ අනු දැනුම ඇතිව පුත්තලම අරුවක්කාරුව ඉල්මනයිට් නිදිය සහිත  අක්කර 5352 රජය සතු ඉඩම රජයේ ගාස්තු ගෙවීමකින් තොරව ඕස්ට්‍රේලියානු පෞද්ගලික සමාගමකට  ලබා දීමට මූලික පිඹුරුපත් සකසා ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මේ සදහා  භූ විද්‍ය හා පතල් කාර්‍යංශයේ නිලධාරින්ද සම්බන්ධ බව කියවේ.  අදානි විසින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව තම ඩොලර් වියදම් කරමින් සුළං බලාගාර තනන අතර , මෙම කරුණ අදානිගෙ  ගිවිසුමට  වඩා බරපතළ කරුණක් බවද කරුණු විශ්ලේෂනයේදී අනාවරණය වේ.

ඉල්මනයිට් සහ සිමෙන්ති සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහිත මෙම රජයේ ඉඩම කිසිදු රජයේ ගාස්තුවකින් තොරව පෞද්ගලික සමාගමට ලබා ලබාදීමට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්‍රාම ගියද බොහෝ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් පමණක් කටයුතු කරයි. එහෙත් හමුදාවන් තුල උසස් නිලධරීන් බහුතරයක් සිදුකරන්නේ දේශයට නිගා දෙන කටයුතු බව අප සතුව තිබෙන බොහෝ කරුණු වලින් පැහැදිලිව තිබේ. අපට අසන්නට තිබෙන්නේ සල්ලිවලට කෑදර දේශප්‍රේමි කමින් ඔලුව පුම්බාගෙන ආඩම්බරකාර නිල ඇදුමක් ඇදගෙන සිටි ඔවුන් හමුදාවට තිබෙන ජනතා ගරුත්වය සහ නැතිකරන්නේ කෙසේද?. එයින් කියවෙන්නේ මුදල්වලට කෑදර ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තම දු දරුවන් වුවත් විකුණන බව නොවේද?

රටේ තිබෙන සම්පත් දැන්වත් ආරකෂා කල යුතුව තිබෙන්නේ එවැනි රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙන්ම එවැනිම දේශපාලුවන්ගෙනි.

Exit mobile version