දේශපාලඥයන්ට බැල මෙහෙවර කර, රැකියා ලබා ගත් දේශපාලන පත්වීම් ද  හෙට වැඩ වර්ජනයේ.

ලංකාව විනාශයට හේතුව ලෙස බලපෑ ප්‍රධානතම හේතුව වුයේ වැඩ බැරි දේශපාලඥයන් නැවත නැවතත් බලය ලබා ගැනීම වෙනුවෙන්, රාජ්‍ය සේවයට සාමන්‍ය පුරවැසියන් බදවා ගැනීමයි. ලංකාවේ රාජ්‍ය සේවකයන් සිටිය යුත්තේ 300/1 ක් ලෙස වුවත්, මේ වන විට 10/1 ක් ආසන්නයට පැමිණ තිබේ. අප දන්නා ඉතිහාසය තුල ආර් ප්‍රේමදාස යුගයේ ජනසවිය යටතේ ගුරුවරුන්ට රැකියා ලබා දුන් අතර එම ගුරුවරුන් මේ වන විටත් බොහෝ පාසල් වල සේවය කරමින් සිටිති. ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ, සමෘද්ධි, ගොවි නියාමක වැනි පත්වීම් ලබා දුන්නේය. ඒ සියල්ලම සිදු වුයේ දේශපාලන වුවමනාවන් වලට අනුව අවශ්‍ය සුදුසුකම්වත් පරික්ෂා කිරීමකින් තොරවය.

ඉන් අනතුරුව සෞඛ්‍ය, අධිකරණ සේවා, විදුලි බල මණ්ඩල ඇතුළු සමස්ත රාජ්‍ය සේවයටම තමන්ගේ දේශපාලන ගෝලයන් ගෝලයන් බඳවා ගත්තේ රට අරාජික වුවත්, රැකියා ලබා ගත් පුද්ගලයන් ලක්ෂ ගණනාවක් තමන් වෙනුවෙන් පෙනී සිටින බව දේශපාලඥයන් දන්නා නිසාය. රට ගොඩ නගන්නට නොහැකිව තිබෙන්නේද, මෙම දේශපාලන අතකොලු ලක්ෂ ගණනාවක් රාජ්‍ය සේවයේ සිටින බැවිනි. එසේ පත්වීම් ලබාගත බොහෝ දෙනෙකු රාජකාරී සිදුකරන්නේ ද දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පමණි. ඔවුන්ගෙන් රටට සිදුවන යහපත්, වැදගත් සේවයක් නැත. එයට වගකිව යුත්තේ ඔවුන් සේවයට් බදවා ගත් දේශපාලඥයන් මය. රට විනාශයට පාර කැපුවේ මෙසේ රැකියා ගැනීමට දේශපාලඥයන්ට කඩේ ගිය උදවිය වුවත් ඔවුන්ට රැකියා ලබා දුන්නේ නම්, ඔවුන්ටද නිසි වැටුපක් ලැබිය යුතුය.

එවැනි රටක් වූ ශ්‍රී ලංකාවේ හෙට (16) දිනයේ පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ නිවේදනය කලේ, වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව හෙට දිනයේ පරිපුරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව, රෝහල් ලේකම්වරුන් සහ පරිපාලන නිලධාරින් ඒ වගේම සෞඛ්‍ය පරිපාලන සහකාරවරු සහ විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය සහයක සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංගම් 72ක් හෙට මෙම වර්ජනයට එක් වන බවද වාර්තා වේ.

එසේම ලක්ෂයකට ආසන්න පිරිසක් හෙට මෙම වර්ජනයට එකතුවීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.

කෙසේ වුවත් රජයේ රෝහල් වල තත්වය දිගින් දිගටම බිඳ වැටෙමින් තිබෙන්නේද, මෙම දේශපාලන පත්වීම් නිසාමය. නමුත් ඒවා නිවැරදි කිරිමට ද නොහැකිව තිබෙන්නේ, ඔවුන්ට රැකියා ලබා දුන් දේශපාලන නායකයන් ඉන් ඔබ්බට කටයුතු නොකරන බැවිනි.

Exit mobile version