දේශපාලඥයන්ට සහ වෛද්‍යවරුන්ට ලිංගික උත්තේජනය ඕනෑ වෙලා.  

අන්තර්ජාල නාලිකාවකදී  මධ්‍යවේදී ධනංජය නාරංබැද්ද මහතා විසින්  පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයකොඩි මහතා සමග පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදී ජීවිතාරක්ෂක ඖෂධ වර්ග වෙනුවට  රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් ලිංගික උත්තේජනය සදහා ඖෂධ ගෙන්වන බවට කරුණු අනාවරණය විය.

මෙහිදී පුබුදු ජාගොඩ විසින් අනාවරනය කරන  පරිදි මේ දිනවල රටපුරා පවතින විශාල  ඖෂධ හිඟය අතරතුර එම ඖෂධ ගෙන්වීමට රජයට ලැබෙන මුදල් වලින් දේශපාලඥයන් සහ  රජයේ වගකිවයුතු  නිලදාරීන්ද  විශාල වශයෙන් ගසාකෑම් සිදු කරනු ලබයි.

එම අනාවරනය කරණ ලැබූ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග වල විශාල හිගයක් තිබුනද ඒවා ගෙන්වීම පිළිබද වැඩි අවධානයක් යොමු නොකර දැනට හිඟයකින් තොරව පවතින ලිංගික උත්තේජන බෙහෙත් වර්ග ගෙන්වීමට රජය සෞඛ්‍ය නිලධාරීන් වැඩි අවදානයක් යොමු කරනු ලබයි.

එසේම වෛදය නිලධාරීන්ගේ නිර්දේශයකින් තොරව ෆාමසි වලින් මිලදී ගැනීමට නොහැකි බෙහෙත් (අන්තරායක ඖෂධ) ගෙන්වීමට  රජය විශාල මුදලක් වියදම් කර අලුත් සමාගම ලියාපදිංචි කරනු ලබයි. ඒ සමාගම් විසින් එම ඖෂධ දේශපාලන අනුග්‍රහයක් සහිතව මිනිසුන්ට නිර්දේශයකින් තොරව අලෙවි කරනු ලබයි. එසේම මෙහිදී අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතාටද චෝදනා එල්ල වන නමුත් ලිංගික උත්තේජන අවශ්‍ය දේශපාලඥයන් සහ වෛද්‍ය නිලධාරීන් කවුරුන්ද යන්නද නම් වශයෙන්ම ප්‍රකාශ කලේ නම් එය සමාජයට දැඩි වටිනාකමක් ගෙන දෙන නමුත් ඔවුන් කවුරුන් ද යන්න මෙහිදී අනාවරණය නොවේ.

දේශපාලන අනුග්‍රහයක් සහිතව අත්‍යාවශ්‍ය බෙහෙත් ගෙන්වීම පිලිබඳව වැඩි ප්‍රමුකත්වයක් නොදක්වා  අත්‍යාවශ්‍ය නොවන බෙහෙත් ගෙන්වීමට අවදානය යොමුකිරීමට හේතුකාරනා මොනවාද  යන කාරණය පිළිබද සොයා බැලිය යුතුය.මිනිසුන්ගේ ජිවිත ආරක්ෂක බෙහෙත් සහ දැනට හිග බෙහෙත් ගෙන්වීමට  රජයට ලැබුණු ආධාර එම බෙහෙත් ගෙන්වීමට භාවිතා නොකරන්නේ මන්ද යන කාරණා පිළිබද සොයා බැලියයුතුය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව ගැන රාජ්‍ය නිලධාරීන්ට හෝ බහුතරයක් දේශපාලඥයන්ට අවශ්‍ය නැතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. පසුගියදා පොදුජන පෙරමුණේ මහලේඛම් සාගර කාරියවසම් මහතාද ප්‍රකාශ කලේ, ජනතාව විසින් සහන ඉල්ලු නැති නිසා ඒ පිලිබදව මෙවර අයවැයෙන් අවධානය යොමු  නොකළ බවයි. 

එසේම සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන්ගේ දූෂණ වංචා පිළිබඳවද අප මීට පෙර වාර්තාකරන ලද අතර එම වාර්තාද පහතින් දැක්වේ.

අදාළ සාකච්චාව පහතින් බලන්න.

https://www.ravanalankanews.lk/14157/08/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-7000-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b6%bd-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd/26/17/
https://www.ravanalankanews.lk/12340/06/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%85%e0%b6%b8%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%82%e0%b7%81-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/00/21/
https://www.ravanalankanews.lk/12222/06/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-4170-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b7%8f/11/13/

https://www.ravanalankanews.lk/12090/05/%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%92-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a/31/08/

https://www.ravanalankanews.lk/12042/05/%e0%b6%b8%e0%b7%9a%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%bb%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%82%e0%b6%a2%e0%b7%93%e0%b7%80-%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%83%e0%b7%92/26/09/

Exit mobile version