දේශපාලන පක්ෂ 10ක් නාම යෝජනා භාර දී අවසන්

මැතිවරණ කොමිෂන් සභාව  පැවසුවේ ඊයේ (19) වන විට දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාර දී අවසන් කර ඇති බවයි . එක්සත් ජාතික නිදහස් පෙරමුණ , නිදහස් ජනතා පෙරමුණ , ජනසෙත පෙරමුණ , එක්සත් සමාජවාදී පක්ෂය , ජාතික ජන බලවේගය , තමිල්මක්කල් විඩුතලෙෙයි පුළිකල් , ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් නාම යෝජනා භාර දී අවසන් බව දන්වා සිටී.

එමෙන්ම අද දින (20) මධ්‍යාන 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට හැකි බවත් ඔවුන් සදහන් කර සිටියේය .

රාජ්‍ය බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 15 පමණ ලැබී ඇති බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය .

ඊයේ දිනයේ (19) පාර්ලිමේන්තුවේදී   සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ අතර එහිදී විපක්ෂව ඡන්ද 36 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය ඡන්ද 97 කි .

මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවට  අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න ගුණවර්ධන මහතා පවසා සිටියේ මැතිවරණ කල් දැමීමේ අදහසක් රජයට නොමැති බවයි . නමුත්  එහිදී තව දුරටත් අදහස්  දැක්වූ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ මෙම කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව මැතිවරණය කල් දැමීම සදහා  උත්සාහයක් දරණ බවයි. එමෙන්ම විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට විරුද්ධව අදහස් දැක්වීම පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසා  සිටියේය .

මැතිවරණ කොමිසන් සභාව පවසන පරිදි ඡන්ද විමසීමට අදාල නාමයෝජනා ලබන 21 වන දින මධ්‍යාන 12 දක්වා භාර ගනී .

Exit mobile version