දේශපාලුවන් පස්සෙ හැංඟී පොඩි සුජී කරන වැඩ ගැන බැලුම්ගල බැලුම් හෙළයි.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

මිනීමැරුම් / මත්ද්‍රව්‍ය ජාවාරම් / කප්පම් ගැනීම් වැනි චෝදනා රැසකට වරදකරුව සිටින ජයමුනි සුජීව ද සොයිසා නොහොත් පොඩි සුජිගේ RPG සෙල්ලම ගැන නෙත් එෆ් එම් බැලුම්ගල ඔස්සේ චාමික බන්ඩාර මහතා අනාවරණ රැසක් සිදු කරන ලදි.
ඉහත සදහන් චෝදනා වලට බියවී දැනට ලංකාවෙන් පැන ඩුබායි වල සැගව සිටින මොහුගෙන් අල්ලපු කුඩු දැනටමත් විනාශ කර ඇති නමුත් ගෙනාපු RPG ගැන කිසිදු තොරතුරක් නොමැත.මෙම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දි ඇති අතර මේ සම්බන්ධයෙන් ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අප මෙන්ම සමස්ථ ‍රටම අවදානයෙන් පසුවන්නෙමු.

RPG ලංකාවට ගෙනාවෙ මේ සුජීව ඝාතනය කිරීමට බව සදහන් කල නමුත් දැනට වසර 5ක සිට ආරක්ෂක අංශ වල ඇස් වසා ලංකාවෙනුත් පැන ජීවත් වන මොහුට 2017 ඉන්ටර්පෝල් රෙඩ් නෝටිස් පවා දෙන ලදි.

පසුගිය කාලයේ සිදුවු විශාල ආභරණ මංකොල්ලයට සැකකරුවෙක් වන මොහු උසාවියට ගෙන යන විට බන්ධනාගාර බස් රියට ප්‍රහාරයක් එල්ල කිරීමට පවා සැලසුම් කර තිබූ බව මෙහිදී අනාවරණය කර තිබේ.එසේම මොහු සතුව ඇති බලපිටිය මෝය ආසන්නයේ ඇති හෝටලය ගැන නෙත් එෆ් එම් බැලුම්ගලින් පසුගිය කාලයේ අනාවරණයක් කරන ලදි.ගෙන්වන ලද RPG මේ හෝටලය තුල වලදැමු බවට තොරතුරක් ලැබී ඇත.නමුත් ආරක්ෂක අංශ බුද්ධි අංශ මෙම ස්ථානයට ගොස් මේ වන තෙක් පරීක්ෂාවක් හෝ කර නොමැත.මේ අසල නාවික කදවුරක්ද ඇති බවට වාර්තා වේ.
මේ හෝටලය තුල කැමරා 16ක් සවි කර ඇති බවත් මොහු ඩුබායි වල සිට එහි සිදුවන සියල්ල මෙම කැමරා තුලින් නරඹන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

කොස්ගොඩ සුජී ලංකාවෙ නොමැති බව සියල්ලම දන්නා කරුණක් වුවත් මේ RPG මේ වන විට ඇත්තේ ඔහුගේ මාමා කෙනෙක් ලග බවට වාර්තා වේ.ඒ බව ආරක්ෂක අංශ හොඳින් දන්නා නමුත් මොහු පිළිබඳ ආරක්ෂක අංශ අවදානය යොමු නොකරනුයේ දේශපාලන හස්ත මගින් සියල්ල යට ගැසීමට සිය බලය යොදා ගන්නා බව දන්නා බැවින් බව මෙහිදී තොරතුරු අනාවරණය සිදු කරන නිර්නාමික පුද්ගලයා විසින් සදහන් කරයි.

මේ සාකච්ඡාව අවසානයේ අනාවරණය කිරීම් සිදු කරන නිර්නාමික පුද්ගලයා සදහන් කරන කරුණු මගින් ඕනෑම අයකුට වැටහෙන සරල කරුණක් වන්නේ දේශපාලන බලපුලුවන්කාරකම් වලට යටවී මෙම අනාවරණයන් යට ගැසීමට ආරක්ෂක අංශ හවුල් වී ඇති බවයි.රටේ නීතිය සාමය ආරක්ෂා කිරීමට බැදී සිටින මෙවැනි අංශයන්ද දේශපාලන බලය දනය හමුවේ දෙකට නැමෙන්නේ නම් රටේ අනාගතයටද ඉදිරියේදී යහපතක් සිදුවන්නේ යැයි සිතිය නොහැක.එසේම ජනතා නියෝජිතයන් වශයෙන් සිය ජන බලය ලබාදී පත් කරගනු ලබල පාලකයින්ද රට විනාශ කිරීමට කටයුතු කරන තුච්ච දූශිතයින් ආරක්ෂා කිරීමට සිය බලය යෙදීම ඔවුන්ට බලය ලබාදෙන රටේ පුරවැසියන් කිසිසේත් අපේක්ෂා නොකරන්නෙකි.

තම ජීවිතය පවා අනතුරේ හෙලමින් කිසියම් පුද්ගලයක් විසින් කරන මෙවැනි අනාවරණයන් නිසි අයුරින් යොදාගනිමින් එ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඒ හා සම්බන්ධ වගකිවයුතු නිලධාරීන් සතු වගකීමකි.

Exit mobile version