ගාලු මුවදොර පිටියට පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අත් අඩංගුවට ගන්නා ලද මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පුද්ගලයන් අද (25) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී නීතිපති සහ තවත් නීතිවේදීන් විශාල ප්‍රමාණයක් පෙනී සිටි අතර , මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පුද්ගලයන්ට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ඉදිරිපත් කරන බවද, දේශබන්ධු තෙන්නකෝන් මහතාට ද එම චෝදනාවම තිබෙන බවද, ගාලු මුවදොර පිටියට ප්‍රහාරය එල්ල කිරීම වලක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් ලිඛිතවම දන්වා තිබෙන බවද අනාවරණය වී තිබේ. නීතිඥ නුවන් බෝපගේ මහතා ඒ පිලිබදව වැඩි දුරටත් මාධ්‍ය වෙත අධිකරණයේ සිදුවීම් මෙසේ විස්තර කරන ලදී.