පසු ගිය දා ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී අරගලයට පහර දීමට ඉඩ සැලසු බවට චෝදනා ලත් බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ තවත් පුද්ගලයන් ගනනාවක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වී නැත.
එවන් පසුබිමක් තුල ජනතාව නැවත නැවත දැඩි අප්රසාධයකින් සිටී. විශේෂයෙන්ම දේශබන්ධු තෙන්නකෝන් මහතා එය දැනගෙනත් වැලක්වීමට කටයුතු නොකළ බවද, පැහැදිලිව අතර එම ප්‍රහාරය ගැන ඔහු දැනුවත් බැව් ඔහුම ප්‍රකාශ කර තිබේ. එවන් පසුබිමක් තුල ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම පිලිබදව පොලිස් දෙපාර්තමේන්තුවේද දැඩි අප්‍රසාධය එල්ල වි ඇති නමුත් නීතිපති විසින් ද ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබේ.
එසේම දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ නව අමාත්‍ය ටිරාන් අලස් මහතා දැඩි හිතමිතුරන් බවද, විවිධ දේවාල වලට යාම මෙන්ම ටෙනිස් ක්‍රීඩාවේ යෙදීම වැනි විවිධ ක්‍රීඩා වල යෙදීමේදී ද කටයුතු කරන දැඩි හිතවතෙකු බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ජාතික ප්‍රශ්නයක් වූ, කිහිප දෙනෙකුටම ජීවිත අහිමි කල, බිලියන ගනනාවක්ම දේපල අහිමි කල, තවත් විශාල ප්රමාණයකගේ සාමාන්‍ය ජන ජීවිතය අහිමි කරමින් පොලිස් අත් අඩංගුවට පත් වීමට ඉඩ සැලසු අපරාධයේ වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ දේශබන්ධු තෙන්නකෝන් මහතා බව නොරහසකි. ආරක්ෂක ලේඛ්ම් කියූ බව හෝ පොලිස්පති කියූ බවින් හෝ එම අපරාධය සිදුවීමට ඉඩ හැරීමට නීතියක් ලංකාවේ ස්ථාපනය වී නැත.
එබැවින් ලංකාව නැවත වරක් ගිනි ගැනීමට ඉඩ සලස්වන්නේ නැතිව, සියලුම දෙනාට නීතිය සමානව ක්‍රියාත්මක කරනු ඇති බව අපගේ විශ්වාසය වේ. එසේම අපරාධ කරුවන් නීතිය ඉදිරියට රැගෙන යාමට වැලක්වීමට බලපෑම් කිරීම සදහා පොලිස් අමාත්‍යවරයාට හෝ නීතිමය වශයෙන් බලපෑම් කල හැක්කේ සාක්ෂි නොමැති පුද්ගලයෙකු බේරා ගැනීම සදහා පමණි. කෙසේ හෝ නීතිය ක්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේදී සිදු වුවාට වඩා ජනතා කැළඹීම් සිදුවීමේ ලකුණු මේ වන විටත් දක්නට තිබේ.
රට නිවීමේ උදාරතර කටයුත්තට, යහපත් ලෙස කටයුතු කරන්නටත් නීතියට අනුව කටයුතු කරමින්, රටේ ජනතාව සන්සුන් කරන්නටත් නව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හැකි වේවායිද, ගාලු මුවදොර සිද්ධියේ සියලු ප්‍රධාන චෝදිතයන් ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වේවා .. යයිද සදහන් කරමින් නව පත් වීමට අපගේ සුභපැතුම් එක් කරමු.