දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කෙරෙව්වේ තමන් බවත්, ප්‍රසිද්ධ නීතිවේදීන් සියල්ලෝම කුඩු පාතාලයෙන් සල්ලි ලබාගෙන තිබෙන බවත්, තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනියන්නේ ඔවුන් බවත් නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කලේය.
මෙවන විට පොලිසිය ඉතාම හොදින් ක්‍රියාත්මක වන බවත්, තමන් පොලිසිය බාරගන්නා විට එය ගැටලු ගනණාවකින් පිරී තිබුණු බවත් ඔහු ප්‍රකාශ කලේය.
ඒ අතර පසුගිය 16 වැනිදා ‘නීතිඥ සාමූහිකය’ ප්‍රකාශ කර තිබුනේ නඩු ගනණාවක් තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීම පිළිබදව තමන් කනගාටු වන බවයි.
එසේම හිටපු යුධ හමුදා සෙබලෙකුට වධහිංසා කිරීම පිළිබදව නඩුවක් විභාග වෙමින් තිබියදි ඔහු පත්කිරීම පිළිබදවද අප්‍රසාදය පලකර තිබු අතර වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වී තිබෙන ඔවුන්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකිරීම නීතිපතිවරයාගේ වගකීම බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.