දේශබන්දු තේන්නකෝන් හෙට මානව හිමිකම් කොමිෂමට.

                                       

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාට හෙට (13) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ.

පසුගියදා සිදුවු ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කිරීමට තීරණය කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

අදාළ සිදුවීමේදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරිමට අපොහොසත්වීම පිළිබඳව විමසීම සදහා පොලිස්පතිවරයා සහ යුධ හමුදාපතිවරයා ඊයේ (11)  මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැදවන ලදී .

එසේම ඊයේ උදෑසන බස්නාහිර පළාත් උසස් පොඉලිස් නිලධාරීන් වෙනුවෙන් තිබු උපදේස ලබා දීම පිලිබදව සාකච්චාවේදී මෙම ප්‍රහාරය ගැන තමන් දැනගෙන සිටි බව ප්‍රකාශ කරමින් සිදුවීම පිලිබඳව තමන් නිවැරදි බව ප්‍රකාශ කරන ලදී. තමන් එය දැනගෙන සිටියේ නම් එය නැවැත්වීම සදහා කිසිම ආකාරයක සැලසුමක් ක්‍රියාත්මක නොකළ බවද එදින වීඩියෝ වලින් පැහැදලිවම දක්නට ලැබුණි. ඒ අනුව ජනතාව කුපිත කිරීම සදහා මෙන්ම රටක් ගිනි තැබීමේ සිද්දියේ සම්පූර්ණ ප්‍රධානතම වැරදි කරු වන්නේ ඔහුය.

කෙසේ නමුත් මේ වන විට එම සිද්ධිය පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. නමුත් මේ වන තෙක්ම මුල් සිද්ධිය පිලිබදව කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැත. එහෙත් දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහර දුන් පුද්ගලයන් පැය කිහිපයක් යන්නටත් පෙර අත් අඩංගුවට ගෙන තිබුණි.

රට තුල මෙවන් විනාශයක් සිදුවීම වැලක්වීමට තිබු ඉහලම රාජ්‍ය නිලධාරියා වුයේ දේශබන්ධු තෙන්නකොන් මහතාය.

Exit mobile version