පොලිස් යන නාමය ඉංග්‍රීසි අකුරින් ලිවිමෙිදී සෑම ඉංග්‍රීසි අකුරකටම තේරුමක් තිබේ. (Politeness, obedient, Loyalty, integrity, Courage, Efficiency). මෙි අකුරු වල තේරමට අනුව ජීවත් වන පොලිස් නිලධාරීන් ඔිනා තරමි සිටී. ජාතියේ අවාසනාවට ඔවුන් නිහඩ ජීවිත ගත කරද්දී ශ්‍රී ලංකා පොලිසිය මෙි වන විට දේශපාලන පොර පිටියක් වී තිබෙි. ඒ මෙම මස හිස්වන පොලීස්පති පුටුවට වාඩිවීමේ තරඟය නිර්මාණය වී තිබීම නිසාය.
මේ වන විට සමාජ මාධ්‍ය ඇතලු මුහුණු පොත හරහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වී හමාරය. පොලිස්පති තනතුර ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් තිබෙන ගෞරවනීය තනතුරකි. එම තනතුර මේ වන විට බල්ලාට ගොස් ඇති බව ඕනෑම අයෙකුට මනාව තේරුම් ගත හැකි කරුණකි. පොලිස්පති තනතුරට මාධ්‍ය නාටක රඟ දක්වන නළුවකු අවශ්‍ය නොමැති බව පොලිස් නිලධාරීන් පුන පුනා කියයි. බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා මීනගයා දුම්රියේ දරුවා දමා ගිය කත ගැන මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම මාධ්‍ය සංදර්ශනයකි. එයට මේ වන විට විමර්ශනයක් ආරම්භ වී හමාරය.
වසර ගණනාවක් ලංකාව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු වුව ද ගිහි පැවිදි සියල්ලෝම කිසිත් නො දුටු අයුරින් කටයුතු කලෝය. එහෙත් නින්දෙන් නැගිට්ට හිමිනමක් මත්ද්‍රව්‍ය උවදුරට තිත තබන අයෙකු පොලිස්පති විය යුතු බව පවසමින් මාධ්‍ය නාටකයක් පසුගියදා රඟ දැක්විය. මේ පත්කිරීමට සුදුස්සා කවුද හිමිනම නොකියා වහෙන් ඔරෝ න්‍යායක් අනුගමනය කරමින් වචන හැසිරවිය. ඔහු පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් ගැන බව එම නාටකය දෙස බලන ඕනෑම කෙනෙකුට තේරුම් යයි. දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලයේ පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගත් විට මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු අප දුටුවේ ය. එහෙත් අද බණ්ඩාරවෙල ඕඅයිසී මහතා වැරදිකරුවෙකිග ඒ ඔහු මාධ්‍ය ඉදිරියේ සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීම හේතුවෙනි.
එදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විමර්ශන ඇරඹුණේ නැතග පොලිස් ඉතිහාසයේ මිනිස්සුන්ගෙන් ගුටි කෑ එකම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද දේශබන්දු තෙන්නකෝන්ය .මතට තිත යනුවෙන් බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ලෝලීන් හට සායන පවත්වා යහමගට ගැනීම බැලූ බැල්මට යහපත් ක්‍රියාවකි .එහෙත් එහි සත්‍ය විස්තරය පොලිස් ස්ථානාධිපතිවරුන් සමග සාකච්ඡා කිරීමේ දී මනාව පැහැදිලි වනු ඇත. තෝරු මෝරු නිදැල්ලේ සිටියදී ගමේ හන්දියේ සිටින කුඩ්ඩා පොලිසිය විසින් රැගෙන යන්නේ මහත් උජාරුවෙනි.
අත්අඩංගුවට ගන්නා විට දකුණු සාක්කුවේ මත්ද්‍රව්‍යය .වම් සාක්කුවේ බෝම්බයකි .මේ ලංකාවේ හැටිය. සලිදු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ය .එය ඔහු ලංකාවේ සැඟව සිටින විට අත්අඩංගුවට ගැනීමට බොහෝ සාක්ෂි සාධක අවශ්‍ය තොරතුරු තිබුණේය .සලින්දු ආසන්නයටම ගිය එවකට අපරාධ කොට්ඨාසය භාර ව සිටි ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයෙකු සේවයේ අවශ්‍යතාව මත ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කලේය. ටික දිනකට පසු තවත් ස්ථාන මාරුවක් ලැබූ ඔහු වැඩිම ස්ථාන මාරුවීම් ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වාර්තාවක්ද පිහිටුවීය.
මැයි නම වැනිදා අරගලකරුවන් ට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ .එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ය. සලිදුගෙ මව විසින් තම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කොළඹ අභියාචනා අදිකරනයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.දෛවයේ හාස්කමකට මෙන් දේශබන්දු ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සලිඩුගෙ ද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි.
තත්ත්වය කෙසේ වුවත් නීතිඥ සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දූෂණයෙන් චෝදනා වලින් තොරව පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසටය දූෂිත දේශපාලුවන් විසින් මේ වන විට දූෂිතයෙකු පොලිස්පති තනතුරට පත්කර ගැනීමට බොහෝ උත්සාහයක නිරත වීම දක්නට ලැබෙයි.
මාධ්‍ය හරහා ප්රවෘත්ති ප්‍රචාරය කරවා පොලිස්පති සිහින දකින පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ නළුවන් වී හමාරය . රටේ ජනතාවට නලුවෙකු අවශ්‍ය නැත අවංකව රාජකාරී කල හැකි කීර්තිමත් නමක් සහිත නිලධාරියෙකු අවශ්‍ය බව ජනතාව නිරතුරුවම පවසති. පොලිස්පති තනතුරට වඩාත් සුදුසු කවුදැයි තීරණය කිරීමට පොලීසියේ නිලධාරීන්ගෙන් ඇසුවොත් නිවැරදි පිළිතුර ඉක්මනින් ලැබෙනු ඇත.
මෑත ඉතිහාසයේ පොලිස් නිලධාරීන් කැමතිම පොලිස් අමාත්‍යවරයා වුයේ සාගල රත්නායක මහතාය. ජනාධිපති උපදේශකයෙකු වන සාගල රත්නායක මහතා දැන් කල යුත්තේ හොදල සුදුසුකමි සහිත පොලිස්පතිවරයෙකු රටට දායාද කිරීමයග