දේශබන්ධුගේ බොරුව අතේ පත්තු වෙයි

පසු ගිය 9 වැනිදා සිදූ වූ ම්ලේච්ච නින්දිත ප්‍රහාරය ප්‍රහාරය පිලිබදව තමන් දැන සිටි බව දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කල බව දැන් රහසක් නොවේ
ඔහුට එල්ල කල ප්‍රහාරයෙන් දින දෙකකට පමණ පසුව ඔහු බස්නාහිර පළාතේ කොළබ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හට ආරක්ෂාව පිලිබදව උපදෙස් ලබා දීම සදහා පැවති සූම් සාකච්චාවේදී ඔහු ප්‍රකාශ කලේ කරන්නේ එම ප්‍රහාරය නැවත්වීම සදහා ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් උපරිම උත්සහායක් ගත් බවයි.
ඔහු ප්‍රකාශ කල බවට මාධ්‍ය වාර්තා කරන ආකාරයට උසස් නිලධාරීන් දෙදෙනෙක් එම ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකරන ලෙසට උපදෙස් දුන් බව ප්‍රකාශ කරන්නේ නැත.
එසේම එම වරද වැළක්වීමේ භාරව සිටි ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාය. කතරගම රූප සුන්දරිය ප්‍රේමවතී මනම්පේරි නඩුවේදී ද තීරණය වන්නේ උසස් නිලධාරීන් පැවසූ සහ නියෝග දුන් පමණින් වැරදි වැඩක් කිරීමට නීතියෙන් අවසර නොලැබෙන බවයි. උසස් නිලධාරින් කියූ පමණින් මිනී මැරීමට ඉඩ දිය යුතු බව සදහන්ව තිබෙන්නේ කුමන නීති පොතේද,,?. එසේම අහවලා කියූ බව ප්‍රකාශ කිරීමටද හැකිය එහෙත් එය ද ඔප්පු කල යුතුය. ඒ කෙසේ වෙතත් උසස් නිලධාරීන් ලබා දෙන වැරදි නියෝග පිළිපැදීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකු නීතියෙන් බැදී නැත. නීතිය නම් එයයි.
නීතිපොත තිබෙන්නේ ගොරක දඩමස් කිරීමට නොවේ. උසස් පොලිස් නිලධාරියෙක් ලෙස නීතිය නමන්නට සැලසුම් සකස් කලද ඔහු එය දැන සිටීම, දැන දැනම වැලක්වීමට කටයුතු නොකිරීම යටතේ කියවෙන අනෙකුත් සියළුම වැරදි සදහා ඔහුට දඩුවම් ලැබිය යුතුය.
දේශපාලඥයන්ද ඔහුව සුරැකීමට කටයුතු කරන්නේ නම් එය අරගලයේ හැඩය තව දුරටත් වෙනස් වනු ඇත. දැන්වත් නීතියට අනුව කටයුතු කිරීමේ පාඩම ඉගෙනගන්නේ නම් මැනවි.

Exit mobile version