අප මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නේ දේශපාලනය කරන පොලිස් නිලධාරීන් නිසා ශ්‍රී ලංකා පොලිසිය විනාශවන බවයි. එසේම ශ්‍රී ලංකා පොලිසියේ DIG වරු කිහිප දෙනෙකුටම එරෙහිව නීතිපති ලබා දී තිබෙන උපදේස් ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත්ව තිබේ.
එසේම පසුගිය 9 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතාවයට පහරදීම නිසා සමස්ත ශ්‍රී ලංකාවම ගිනිගත් බව නොරහසකි. එහි පළමු චුදිතයා වන්නේ බස්නාහිර පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බව අප එදිනම වාර්තා කළේය.
අදාළ ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවස්ථා තුනක දී නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ලැබූ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක වී නැති බව අද (03) වාර්තා විය. ඒ සම්බන්ධයෙන් අධිකරණයට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නීතිපතිවරයාට නියෝග කළේය.
එසේම මැයි 9 සිද්ධියට අදාළ පළවෙනි සැකකරුගේ සිට පස් වැනි සැකකරු දක්වා වන අයවලුන්ගේ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කළේය.
එසේ නියෝග කෙරුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුටය. මෙම අනදුව නැවත මේ මස 24 වැනිදා කැදවීමට නියමිතය