දේශබන්ධු එලවා පොලිස්පති වෙන්න බොරදියේ මාළු බාන DIG කවුද?

මේ දිනවල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා අත් අඩංගුවට නොගැනීම පිලිබඳවයි. ඒ හේතුවෙන් පොලිස්පතිට ඉවත් වෙන ලෙස කෙරෙන බලපෑම් වැඩි වුයේ දේශබන්ධු තෙන්නකෝන් මහතා සිදුකරනු ලැබූ ප්‍රකාශද සමගයි.

නමුත් බොහෝ මාධ්‍ය ආයතන ලියන්නේ සහ විවිධ ප්‍රකාශ නිකුත් කරනුයේ දේශබන්ධු තෙන්නකෝන් මහතා පැහැදිලිවම වරදක් කරතිබෙන නිසා මෙන්ම, එයින් සිදු වූ දැවැන්ත හානිය මෙන්ම විනාශ වූ ජීවිත සදහාද මූලිකවම හේතුව වී තිබෙන්නේ දේශබන්ධු තෙන්නකෝන් මහතා නිසාය. එසේ නොමැතිව ඔහු සමග කිසිදු අමනාපයක් වන්න දෙයක් කිසිදු මාධ්‍යා ආයතනයක් හෝ මාධ්‍ය ප්‍රධානියෙකුට අවශ්‍ය නැත. ඔවුන් මෙන්ම අපද කරනුයේ අපගේ රාජකාරිය වේ. තෙන්නකෝන් මහතා නාගරික ප්‍රජාවන් වෙනුවනේ වැදගත් කටයුතුද අප මෙන්ම වෙනත් මාධ්‍ය ආයතනද වාර්තා කර තිබේ.

මෙම කාරනා අතරේ වටිනාම කතාවද ලියවෙමින් තිබේ. අද (24) අරුණ පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට එක්තරා ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පොලිස්පති වූ පසු   පොලිස් දෙපාර්තමේන්තුව නගා සිටුවීමේ සැලසුම් ඉදිරිපත් කර තිබේ. මේ ගින්න අස්සේ, දිය යටින් ගින්දර ගෙන ගොස් දේශබන්ධු තෙන්නකෝන් මහතා සහ පොලිස්පති ඉවත්කර පොලිස්පති පුටුවේ වාඩිවීමට සැලසුම් කරන ඔහු කවුද?. ඔහු ඉතා හොද පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියද, සමහර ආණ්ඩුවල කුණු සේදීමේ කටයුතු කල රෙදි සේදීමේ යන්ත්‍රයකි. එසේ වොෂින් මැෂින් එකක් ලෙස ක්‍රියාකළ නිසාම ඔහුගේ ප්‍රසිද්ධ වුයේ දේශපාලනය කරන, දේශපාලන කුක්කෙකු ලෙසය. ඒ හේතුවෙන්ම ඔහු වෙනුවෙන් ජනතාව තුලින් ගොඩනැගුනේ අප්‍රසාධයකි. මේ දිනවල සැගවී සිටින ඔහු කුරුමානම් අල්ලන්නේ පොලිස්පති වීමේ සිහිනයටයි.

රට හදන්න කලින් තමන් කවුදැයි හදුනා ගත්තේ නම්, තමන්ද සියල්ලම නිවැරදිව සිදු නොකර කටයුතු කලේ නම් තමන්ද දැනට පවතින ව්‍යසනයේ කොටස්කරුවෙකු බව හොදින්ම මතක් කර බලන්නේ නම් මැනවයි අප යෝජනා කරන්නෙමු.

Exit mobile version