පසුගිය 09 වැනිදා ශ්‍රී ලංකාව ගිනි ගොඩක් කිරීම සදහා හිතාමතාම තම රාජකාරිය පැහැර හැරී බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සදහා නීතිපති උපදේස් පතා තිබෙන බව ලංකා සර වාර්තා කර තිබේ.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වැනි වගන්තිය පහත දැක්වේ.
216. යමකු රජයේ සේවකයෙකුව, රජයේ සේවකයෙකු වශයෙන්, යම් වරදක් සදහා චෝදනා කරනු ලබා හෝ එබන්දක් සදහා අත් අඩංගුවට ගැනීමට යටත් වූ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයේ තැබීමට නීතියෙන් බැදී ඇති විටෙක, ඒ තැනැත්තා අත් අඩංගුවට ගැනීම ඕනෑකමින්ම පැහැර හැරියහොත් හෝ සිර භාරයෙන් ඔහු පැනයාම ඕනා කමින්ම දරා සිටියහොත් හෝ එසේ පැන යාමේහිදී හෝ එසේ පැනයාමට තැත් කිරීමේදී ඔහුට ඕනෑකමින්ම ආධාර කළහොත් ඒ රජයේ සේවකයෙකු වූ තැනැත්තාට පහත දැක්වෙන පරිදි දඩුවම් කල යුතුය.
ලෙස සඳහන් කර දඩුවම් ලයිස්තුව ද සඳහන් කර තිබේ..
නමුත් මේ වගන්තිය යටතේ අරගලයට පහරදීමට හෝ එදින සිද්ධියට අදාළ කිසිම බැදීමක් සදහන්ව තිබෙන බව සදහන් නොවේ. නමුත් එම සිදුවීමත් සමගම සහ අපට ලැබුණු තොරතුරු සහ සාක්ෂි මත ඔහුට දඩුවම් ලැබිය යුත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සහ පහත සදහන් අකාරයටයි. නමුත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් කොලේ වැසීමෙන් සිදුවන්නේ අදාළ විමර්ශන නිලධාරීන් තමන්ගේ ආයතනයේ ගරුත්වය තමන් විසින්ම විනාශ කරගැනීමයි.
එසේම මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන්නේද දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ දැඩි හිතවතෙකි.
කෙසේ වුවත් එදින සිද්ධිය පිලිබඳව ඔහුට චෝදනා එල්ලකිරීම සදහා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 30, 33, 34, 37 වැනි වගන්තීන් වලින් කියවෙන සියලු ක්‍රියාවන් සිදුකර තිබේ. ඒ අනුව 97, 100,101, 107, 109 (දෙවෙනි ජේදය), 112, 115, 120, 150, 162, 175, 289, ආදී ගණනාවකින් කියවෙන වගන්තීන් වලින් නඩු පැවරීම එදිනම සිදු වූ සිදුවීම් ප්‍රමාණවත් වේ. නීතිපොත් සකසා තිබෙන්නේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විනා දේශපාලන වුමනාවන් වෙනුවෙන් ඒවා නොකර හැරීමට නොවේ.
මේ සිද්දිය පිලිබදව දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ වැඩ තහනම් කල යුතු අකාරය අප වාර්තා කල අකාරය පහතින්.
“සාමාන්‍යයෙන් බරපතල ගනයේ අපරාධ මෙන්ම වංචා දූෂණ පිලිබඳව චෝදනා එල්ල වන විට ඔවුන් වහාම ස්ථානාමාරු කිරීම් හෝ වැඩ තහනමට ලක් කර යුතුය. එය සදහන් වන්නේ ආයතන සංග්‍රහයේ XLVIII යේ 30 සහ 31 වගන්තීන් වලින් මෙන්ම එම වගන්තීන් වල උප වගන්තීන් වල සදහන් කර තිබේ. ජනාධිපතිවරයාට බොහෝ බලතල තිබුනත් පනත් වල සදහන් කර තිබෙන දේවල් නොකර හැරීමට බලපෑම් කිරිමට ඔහුට හැකියාවක් නැත. ඔහු දිවුරුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට පොරොන්දු වෙමිනි. ඒ අනුව කිසිම පනතක සදහන්ව තිබෙන දේවල් නොකර හැරීමට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි නමුත් නඩු විභාගයකින් පසුව වැරදි කරුවන් බවට පත්වන පුද්ගලයන්ට පොදු සමාව ආදිය දීමට බලය තිබේ. එසේම පත් කිරීම් සහ ඉවත් කිරීම් සදහාද බලය ලබා දී තිබේ.
පොලිස් නිලධාරීන් යනු රාජ්‍ය සේවකයන්ය, හමුදා නිලධරීන් මෙන්ම භටයන්ද එසේමය. නමුත් හමුදා නිලධාරීන් මෙන්ම භටයන් සදහා අදාළ පනත් වලින් දඩුවම් පැමිණවිය හැකි අකාරය සදහන් කර තිබේ. නමුත් ඔවුන් සියලුම දෙනාම මූලික නීතියටද යටත් වන අතර ඔවුන්ට එරෙහිවද කටයුතු කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහය මෙන්ම සාක්ෂි ආඥා පනතද, ඊටත් ඉහලින්ම ආණ්ඩුක්‍රම නීතියද පවතී. නමුත් සමහර හමුදාවල සමහර නිලධාරීන් එම මූලික නීතියට පටහැනිව නීති අනපනත් පැනවීම සිදුකර තිබේ. ඒවා නීතිවිරෝදී වේ.
පසු ගිය 9 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණට එකතු උනේ කළු පැල්ලමකි. එදින දකුණ ගිනි ගත්තේ බස්නාහිර පළාත භාර පොලිස් නිලධාරීන්ගේ වරදිනි. එසේ සිදුවන බව දන දැනම එය වැළැක්වීමට කටයුතු නොකිරීමේ වරද දැනටමත් ඔප්පු වී තිබේ. එදින වීඩියෝ වලට අනුව එම වරදෙහි ප්‍රධාන චුදිතයා වන්නේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාය. පසුගියදා මහේස්ත්‍රාත් අධිකරණයද ප්‍රකාශ කලේ පොලිසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. එදින වීඩියෝ වල මෙන්ම ඊට පෙර දිනවල පැවති සූම් සාකච්චාවලදීද “ කිසිම කෙනෙක් ජල ප්‍රාහාර හෝ කදුළු ගෑස් ගහන්න එපා” යයි ඔහු පැවසූ බව උසස් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරයි. එසේම තෙන්නකෝන් මහතාද එම ප්‍රහාරය ගැන දැනගෙන සිටි බව පිළිගෙන තිබේ. ඒවා ඔප්පු වී තිබෙන කරුණුය. අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් එහි නැත.
ඔහුගේ පිළිගැනීම සහ එදින ඔහුගේ හැසිරීම මතම ආයතන සංග්‍රහයේ 31:1:1, 31:1:2, 31:1:9, 31:1:11, 31:1:13, 31:1:14, යටතේ වැරදි සිදුකර තිබෙන බව පැහැදිලිවම සාක්ෂි තිබේ. නමුත් නීතියට අනුව ඒවා නිසි ක්‍රම වේදයන් ඔස්සේ ගොනු ගත කල යුතුය. අප ඉහත සදහන් කරන් ලද කාරනාවලට අනුව ආයතන සංග්‍රහයේ 31:1:15 වගන්තියෙන් කියවෙන පරිදි චෝදනා ලද්දෙකු එම සේවයේ සිටීම පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි අපකිරිතියක්ව පවති. එසේම ඔහු නිසා දිනෙන් දින මහජන කැළඹීම් සිදු වෙමින් පවතී. එබැවින් කල යුත්තේ ඔහුගේද ආරක්ෂාව පතා ඔහුගේ වැඩ තහනම් කරමින් ස්වාධින පරීක්ෂනයක් සිදු කිරීමයි.
ඉහත සදහන් කල කාරණාවලට අනුව මූලික විමර්ශනයක් මගින් ඔහුගේ වැඩ තහනම් කල යුතුය. නමුත් දේශබන්ධු තෙන්නකෝන් මහතා සේවයේ දී සිටීම බාධාවක් බව ජනතාව සුරැකීමේ ප්‍රධානියා වන නීතිපති මුලින්ම තීරණය කර තිබේ. එසේම මහජනතාව මෙන්ම පොලිස් නිලධාරින්ද ඔහු පිලිබඳව අවිශ්වාශයෙන් බලනුයේ විමර්ශනය තවමත් සිදුවන්නේ නිසි මාර්ගයේ නොවන නිසාය. එවැනි අවස්තාවක මූලික විමර්ශනයකින් තොරව වුවත් ඔහුගේ වැඩ තහනම් කිරීමට බලය ලබා දී තිබෙන්නේ ආයතන සංග්‍රහයේ 31:5:1 වගන්තියයි. එසේම ඔහු එදින ප්‍රහාරය දැනගෙන සිටි බව පිළිගෙන තිබේ. එසේම එදින ඔහුගේ හැසිරීම් පිලිබඳවද වීඩියෝ ඕනා තරම් තිබේ. එවයින්ම ඔහුගේ වරද පැහැදිලිවම දක්නට තිබේ. එවැනි අවස්තාවකද කටයුතු කල යුත්තේ 31:5:2 වගන්තියට අනුවයි. එසේම මේ වන විටත් ඔහුට විරුද්ධව අපරාධ චෝදනා මත අධිකරණයේ නඩුවක් පවරා තිබේ. එවැනි අවස්ථාවක කටයුතු කල යුත්තේ එම සංග්‍රහයේම 31:5:3 වගන්තිය යටතේය.
ඊට අමතරව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලබා දීම සදහා දැනටමත් ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ. එසේම අපට ලැබෙන තොරතුරුවලට අනුව ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුද පැවරීමට නියමිතව තිබේ.
මෙරට නීතිය නම් මෙයයි. නීතිපති විසින් ඔහුව ස්ථානමාරු කරන ලෙස දැනුම් දී ඇත්තේ මූලික විමර්ශනයන් සිදුකිරීමට එරෙහිව ඔහුව යම් යම් බලපෑම් කරන බවට ලැබෙන චෝදනා වලට අනුව විය යුතුය. නමුත් අප ඉහතින් සදහන් කල වගන්තීන් ඔස්සේ මේ වන විටත් ඔහුගේ වැඩ තහනම් කල යුතුව තිබේ. මෙය වෙනත් ග්‍රහලෝකයක හෝ වෙනත් දේශයක් නීතියක් නොවේ. රාජ්‍ය සේවය මෙන්ම මහජන සාමය පවත්වා ගැනීම වෙනුවෙන් පනවා තිබෙන නීතියකි. එය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය ක්‍රියාත්මක නොකරන නිසි විනය බලධාරියාටද අප ඉහතින් සදහන් ආයතන සංග්‍රහයේ සියලුම චෝදනා යටතේ මෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ නීතියානුකූල නොකර හැරීම්, ව්‍යවස්ථාපිත යුතුකම් නොකර හැරීම ආදී වගන්තින් ගන්නවකින්ම නඩු පැවරිය හැකිය. මෙහිදී නිසි විනය බලධාරියා වන්නේ “ පොලිස්පති” වන අතර පොලිස්පතිගේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම ඔහුගේ වගකීම වේ.”