මැයි 9 වෙනිදා ගාලු මුවදොර පිටියට පහර දී රට පුරා ප්රචන්ඩ ක්‍රියා ඇතිවීමට සිදුවන ලෙස කටයුතු කල බවට චෝදනා ලැබු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිපති දේශබන්ධු තෙන්නකෝන් මහතා ස්ථානමාරු නොකිරීම සහ අඩුම තරමින් විනය ක්‍රියාමාර්ගයක් හෝ නොගැනීම පිලිබදව නීතිපති විසින් පොලිපතිවරයාට දොස් තබා තිබේ.
රටේ සිදුවන අපරාදවලින් ජනතාව ආරක්ෂා කිරීමේ අර්ධ අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා නිතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුව එකම මගක ගමන් කල යුතු අතර මෙම සිද්ධියේදී නීතිපති හරි මග ගියත් පොලිස්පති නිසිමග නොයන්නේ ඇයිද යන්න මේ වන විට රටම හදුනාගෙන තිබේ.
ප්රචන්ඩ ක්‍රියා ඇතිකල මුල් පුද්ගලයන් නොහොත් රජයට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් එක් ආකාරයකිනුත් ඔවුන්ගේ හැසිරීම නිසා ප්චන්ඩ වු රට වැසියන්ට තවත් ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වීම පැහැදිලිවම දක්නට හැකි විය. නීතිය හරියටම ක්‍රියාත්මක වුයේ නම් රට පුරා ප්රචණ්ඩ ක්‍රියා සිදුකල කිසිම පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්තත් ඔවුන්ට දඩුවම් කිරීමට හැකි සාක්ෂි, සාක්ෂි ආඥාපනතට අනුව අධිකරණය පිලිනොගනී.
කෙසේ වුවත් එම සිදුවීම දවසින් දවස කරලියට ඒම යනු කුමන හෝ අවස්ථාවකදී දේශබන්ධු තෙන්නකෝන් මහතාට නීතිය ක්‍රියාත්මක වන බවයි.