ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සහල් ගබඩාවක් වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
ඒ දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් බවට 1977 දුරකථන අංකයට ලද තොරතුරකට අනුව වන අතර මෙම වැටලීමෙන් සත්ව ආහාර සඳහා යොදා ගන්නා ලද සහල්මෙට්‍රික් ටොන් 21ක් සොයා ගැනීමට හැකි ව ඇති බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
මෙම වසරේ පසුගිය ජුලි මස නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදා ගැනීම තහනම් කරන ලදී.
ඒ අනුව මෙම නියෝගය කඩකරමින් අදාළ ගබඩාව භාර නිලධාරීන් විසින් මෙම සහල් තස්ව ආහාර සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබෙණ බව අනාවරණය වී තිබේ.මෙසේ අත්අඩංගුවට ගන්නා ලද ගබඩාවේ භාරකරු සහ කළමණාකරු බැදුම්කර මත නිදහස් කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
එමෙන්ම සහල් තොගය මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති අතර සැකකරුවන් ජනවාරි මස 06 වන දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.