දෛනික ආසාදිතයින් 4000 සීමාව ඉක්මවයි.

ඊයේ (22) දිනය තුළ දී මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4282ක් ලෙස වාර්තා වී තිබේ.

මෙරටින් 4000 ඉක්මවා දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 389,978ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version