දෛනික කොවිඩ් ආසාදිතයින් 912ක්

අද (30) දිනයේ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 912ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 517,377 ක් ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම කොවිඩ් – 19 ආසාදිතව සිට අද දිනය තුළදී 631 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 457,488ක් ලෙස දැක්වේ.

Exit mobile version