දෛනික කොවිඩ් මරණ 170 ඉක්‌මවයි.

ඊයේ (16) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.

ඒ අතර කාන්තාවන් 64ක් සහ පිරිමි පුද්ගලයන් 102 දෙනෙකු සිටියි.

ඒ අනුව මෙරට තුළ සමස්ථ කොවිඩ් මරණ 6,434 ක් වශයෙන් ඉහළ ගොස්‌ ඇත.

මෙම මියගිය පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් 134 දෙනෙකු සිටින අතර, වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයන් 2 ක් සිටින බව ද සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මෙතෙක් මෙරට තුළින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත දෛනික මරණ සංඛ්‍යාව මෙය වේ.

Exit mobile version